-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නීතිවිරෝධී මිනිස් ජාවාරම්වලට එරෙහි ව ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සහයෝගයෙන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සංක්‍රමණ රටාව වෙනස් වී ඇති බවත් දකුණු ආසියානු රටවලින් දසදහස් ගණනින් බෝට්ටුවලින් සිදුකෙරුණු නීතිවිරෝධී සංක්‍රමණ දැන් නැවතී ඇති අතර කුසලතා සහිත සේවකයන් ලෙස දැන් වැඩි ශ්‍රී ලාංකේයයන් පිරිසක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බවත් වාර්තා වේ.
වසර 2013 දී ඕස්ට්‍රේලියානු පුරවැසි බව ලබාගත් ශ්‍රී ලාංකීයයන් සංඛ්‍යාව 74%කින් වැඩි ව 3456ක් බවට පත් වී ඇති අතර රැකියා සඳහා හා පවුල් වශයෙන් පදිංචි වීම සඳහා ලක් වැසියන් 4987ක් නෛතික වශයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත.
ඕස්ට්‍රේලියාවේ ආගමන අමාත්‍යවරයා වන ස්කොට් මොරිසන් (Immigration Minister Scott Morrison) මහතා පවසයි.
අප්‍රිකාවේ හා මැද පෙරදිග කලාපයෙන් ඉහළ යමින් තිබෙන මිනිස් සංක්‍රමණ සමඟ ලොව පුරා සරණාගත කඳවුරුවල වෙසෙන මිනිසුන් සඳහා මානුෂීය මධ්‍යස්ථාන 4000ක් පවතින අතර “ඕස්ට්‍රේලියාවට පැමිණීමේ එක ම ක්‍රමය සිදුරු සහිත බෝට්ටුවකින් පැමිණීම‍යි යන්න සත්‍යයක් නො වේ“ යැයි ඕස්ට්‍රේලියාවේ ආගමන අමාත්‍යවරයා වන ස්කොට් මොරිසන් (Immigration Minister Scott Morrison) මහතා, පසුගිය 22 වැනිදා කැන්බරාහි පැවැති දේශාන්තර අපරාධ පිළිබඳ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ආරක්ෂක සමුළුවකදී අවධාරණය කර තිබුණි.
එහිදී අමාත්‍ය මොරිසන් පැවසුවේ ''මිනිසුනට සාධාරණ හේතුවක් තිබේ නම් ඔවුනට ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි ය.''
අවසන් වරට නීති විරෝධ ලෙස ශ්‍රී ලාංකීය පිරිසක් පැමිණියේ මාස ගණනකට පෙර වන අතර පැමිණි 79 දෙනා ම නැවත ශ්‍රී ලංකාවට එවනු ලැබිණි.
අවසන් වරට නීතිවිරෝධී බෝට්ටුවක් පැමිණියේ පසුගිය වසරේ දෙසැම්බර් 19 වැනි දාය. නීතිවිරෝධ සංක්‍රමණ වැළැක්වීම මඟින් මානවවාදී සංක්‍රමණිකයන් සඳහා වන ස්ථාන ප්‍රමාණය වැඩි කළ හැකි බව මොරිසන් මහතා පැවසී ය.
ශ්‍රී ලංකාව සමඟ සහයෝගිතාව ඇබොට් රජයේ බෝට්ටු නැවැත්වීමේ ක්‍රියාවලියට සහය වූ එක් ප්‍රතිපත්තියෙකි. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ගේ සරණාගතයන් පිළිබඳ වාර්තාවලට අනුව ආරක්ෂාව සොයන්නන් ගේ ලියාපදිංචි වීම දිනකට 100යේ සිට සතියකට 100 දක්වා පහළ වැටිණ.
මෙසේ පුද්ගල ජාවාරම් සම්බන්ධ ව යොමු කළ අවධානයට සමාන ව ම අවධානයක් දේශාන්තර අපරාධ මැඬලීම කෙරෙහි ද යොමු කළ යුතු යැ යි ද පුද්ගල ජාවාරම් නැවැත්වීම හා දිවයින පුරා පවතින පුද්ගල ජාවාරම් ව්‍යාපාර වැටලීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් කැප වී සිටින බව ද මොරිසන් මහතා ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා ආරක්ෂක අංශ හා රේගු නි‍යෝජිතයන් හමුවේ පැවැසී ය.
''ශ්‍රී ලංකා නාවික හමුදාවට, පොලීසියට හා අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට අපි ස්තුතිවන්ත වෙමු''. යැයි ඔහු පැවැසී ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos