-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වාහන සේදීම කරදරකාරී සහ බොහෝ වෙලාවක් ගතවන කාර්යයක් බව සිතන ඔබට එම හිසරදයෙන් ගැලවීමේ මගක් ජපන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් විසින් හඳුන්වා දී ඇත.
ලොව ප්‍රථම ස්වයංක්‍රීය පිරිසිදු කිරීමේ පද්ධතියක් සහිත මෝටර් රථය අනාගතයේදී වෙළඳ පළට එක් කිරීමට සූදානම් වන එම සමාගම ඒ සඳහා භාවිතා කරන්නේ 'නැනෝ තීන්ත තාක්ෂණයයි'.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනාගතයේදී ඉදිරිපත් කරන නිෂ්පාදන සඳහා මෙම තාක්ෂණය එක් කිරීමට නිසාන් සමාගම අදහස් කරන නමුත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වෙළඳ පළට එක්වූ නව නිසාන් නෝට් රථය යොදාගනිමින් එම තාක්ෂණය අත්හදා බලමින් පවතියි.
මෙය 'අල්ට්‍රා එව ඩ්‍රයි' තාක්ෂණය ලෙස හඳුන්වන අතර එහිදී සිදුකරන්නේ පිටත පරිසරය සහ තීන්ත අතර ආරක්ෂක ස්තරයක් නිර්මාණය කිරීම හරහා කුණු දූවිලි වාහනයේ බඳ මත තැන්පත් වීමෙන් වැළැක්වීමයි.
මෙම තීන්ත ආලේපනය සඳහා තවමත් මිලක් නියම කර නොමැති වුවත් එය ඇමෙරිකානු ඩොලර් 750ක් පමණ විය හැකි බව වාර්තා වේ.
(ඡායාරූප - ඩේලි මේල්)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos