-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අළුත්ගම සහ බේරුවල ඇතිවී තිබෙන වාර්ගික නොසන්සුන්තාවය හමුවේ ලංකාවේ සංචාරය කිරීමේදී වැඩි අවධානයක් යොමුකරන්නැයි ඕස්ට්‍රේලියාව සංචාරක අවවාදයක් යොමුකර තිබෙද්දී සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති මහේන්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ මෙම ගැටුම් එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරික කටයුතු වලට තවමත් බලපෑමක් එල්ලකර නොමැති බවයි.
මැයි හා ජුනි කාලයේදී අළුත්ගම හා බේරුවල ප්‍රදේශ වලට සංචාරකයින් වැඩිපුර යන කාලය නොවන බවත් මේ දිනවල සංචාරකයින් වැඩිපුර ගමන් කරන්නේ නැගෙනහිර පළාතට වීම මෙයට හේතුව බවත් හෙතෙම සඳහන් කළේය.
“මේ නිසා, මේ ප්‍රදේශවල හෝටල් මේ කාලයේදී සම්පූර්ණයෙන්ම පීරි ගොස් නෑ.“
ඕස්ට්‍රේලියානු සංචාරක ගමන් අවවාදය පිළිබඳව අප විමසූ විට ඔහු පැවසුවේ ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් එන සංචාරකයින් ප්‍රමාණය ඉතාමත් අඩු නිසා එයද ලංකාවට එතරම් බලපෑමක් නොවනු ඇති බවයි.
මේ අතර, අප හා අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති වූ මෙරට සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙකුම පැවසුවේ මෙවැනි ගැටුම් සංචාරක කර්මාන්තයට අනිවාර්යෙන්ම අහිතකර ලෙස බලපෑ හැකි බවයි.
බොහෝ සංචාරකයින් ලංකාවට පැමිණීමට පෙර ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබාගන්නා බවත් ගැටුම් තිබෙන ස්ථාන වලට යෑමට ඔවුන් අකමැති බවත් ඔවුන් සඳහන් කළේය.
සංචාරක ව්‍යාපාරය සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කරමින් දැඩි අපේක්ෂාවක් තබා ඇති මෙවන් මොහොතක මෙවැනි ගැටුම් බලාපොරොත්තු වන මට්ටමේ වර්ධනයක් ලබාගැනීමට බාධාවක් වනු ඇතැයි ඔවුන් අවධාරණය කළේය.
2016 වසරේදී මෙරටට සංචාරකයින් මිලියන 2.5 ක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කර තිබෙන අතර ඒ වෙනුවෙන් වන යටිතල පහසුකම් වර්ධනය කිරීමට රජය මේ වනවිට කැපවී සිටී.
පසුගිය වසරේදී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.5 ක ආදායමක් උපයාගත් අතර එම ආදායම තවත් වැඩිකර ගැනීම සඳහා සැලසුම් කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos