-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එළැඹෙන අය වැය විවාදයට පෙර විද්‍යුත් ක‍්‍රමයට නඩු ගොනු කිරීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් හැකි යයි අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.
‘2005 වසරේ දී සම්මත කළ ගාස්තු ඉතා පහළ මට්ටමක තිබෙන නිසා ඒවා ප‍්‍රතිශෝධනය කිරීමට සිදු වී තිබෙනවා. එය නඩු ප‍්‍රමාදයට පවා බලපා තිබෙනවා. බෙදුම් නඩු වලදී අය කරන ගාස්තු ගණනය කිරීම සඳහා ඉතා සරල ක‍්‍රම වේදයක් ඇති කිරීම පිණිස මේ සංශෝධන ගෙන එනවා. නඩු කියන්න ඒ මත අනවශ්‍ය බරක් ඇති නොකිරීමටත් මෙයින් බලාපොරොත්තු වෙනවා.
බෙදුම් නඩු කල් යෑම යුක්තිය පසිඳලීමේ දී ගැටලූවක් බව අප කවුරුත් දන්නවා. සිවිල් නඩු විධි විධාන සංග‍්‍රහයට අලූතින් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
සිවිල් නඩු ප‍්‍රමාදයට ප‍්‍රධාන හේතුව එම ක‍්‍රියාවලියේ තිබෙන සංකීර්ණ භාවයයි. විශේෂයෙන්ම බෙදුම් නඩු වලදී මෙය දක්නට ලැබෙනවා. විද්‍යුත් ක‍්‍රමයට නඩු ගොනු කිරීමට කටයුතු කරන ලෙස අගවිනිසුරු තුමාත් පවසා තිබුණා. ප‍්‍රථමයෙන්ම මූලික අයිතිවාසිකම් නඩු සඳහා එය හදුන්වා දෙනවා. පෙත්සම්කරුවන්ට ඔවුන්ගේ පෙත්සම් විද්‍යුත් ආකාරයෙන් ගොනු කිරීම සඳහා ළඟදීම අවස්ථාව ලබා දෙනවා. මාතර මහාධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා. රුහුණ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගයෙන් ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. මේ සඳහා අවශ්‍ය සංශෝධන සිදු කරනවා. නීති සම්පාදනය පිළිබඳ කැබිනට් අනු කාරක සභාවට පනත ඉදිරිපත් කර තිබෙනවා’ යයිද ඇමතිවරයා කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos