අපේ නිළියක් එක්ක චිලී පමණට වඩා දුර ගිය රංගනයක යෙදුනු කතාව ඇත්තක්ද?
චිලී අලුතින්ම ගීත රූප රචනයකට සූදානම් වනවා.
ඔව් මගේ අලුත්ම ගීතය ර්‍ණඔබගෙන් තරම්” රූප රචනයක් විදියට ප්‍රේක්ෂකයින්ට තිළිණ කරනවා.
එම ගීතය රචනා කළේ සජිත් චතුරංග හේෂාන් පෙරේරා. මෙය වෙනස්ම විදියේ රූප රචනයක්. ‘එල අයිඩියා’ ආයතනයේ ප්‍රසාද් කළුපහන තමයි මේ ගීත රූප රචනය කරන්නේ. විනු උදානි තමයි මෙහි මගෙ පෙම්වතිය ලෙස රගපාන්නේ.
චිලි දැන් නළුකමටත් එකතුවෙලා නේද?
මා රගපෑ ‘පරපුර’ චිත්‍රපටය ළගදීම තිරගතවනවා. ඊට අමතරව තවත් චිත්‍රපට තුනක් ඉදිරියේදී තිරගත වේවි.
ටෙලි නාට්‍යවලට දැන් එකතුවන්නේ නැද්ද?
මම රගපෑ ටෙලි නාට්‍යවලට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඒත් නිතරම ටෙලි නාට්‍ය තුළම ඉන්න මම කැමති නැහැ. ඉඳහිට ටෙලිනාට්‍යය වලට එකතුවනවා.
විදෙස් සංචාරයක ගිහින් අපූරු නර්තනයක් ඉදිරිපත් කළා කියලා ආරංචියි
මම කොහොමත් නර්තනයෙ යෙදෙනවා.
මේක අපේ ජනප්‍රිය නිළියක් සමග කළ සෘංගාරාත්මක නර්තනයක්
මම මගේ සහෝදර නිළියන් සමග නර්තනයේ යෙදෙනවා.
එක්තරා විදෙස් සංචාරයකදී චිලී අපේ ජනප්‍රිය නිළියන් සමග සෘංගාරාත්මක නර්තනයක යෙදුනු අන්තර්ජාල වබේ අඩවිවල පළවූ පුවත ගැනයි මම අහන්නේ....
අන්තර්ජාලවල විවිධ පුවත් පළවනවා. අපි එකට නටනකොට තුරුළු කර ගැනීම, එකිනෙකා වැළඳගැනීම සිදුවනවා. නර්තනයන් තුළ ඒවා තියෙනවා.
ඕනෑම නර්තනයක් දිහා බැලුවොත් එය පේනවා. මේකත් ඒ වගේ සාමාන්‍ය සිද්ධියක්. ඔය කියන නිළිය මට සමීප මිතුරියක්. අපි එකට නැටුවා. ඒ ඡායාරූප අන්තර්ජාලයේ පළවෙලා තිබුණා. ඒ තුළින් තමයි ඔය පුවත මැවුණේ.
මේ නර්තනය අතරේ ඔබ සහ ඇය අතර දෙතොල් සිප ගැනීමක් සිදුවුණා කියන්නේ ඇත්තද?
මට එවැන්නක් මතක නැහැ.
තමන් කළ නර්තනය චිලිට මතක නැහැ?
මම කළේ නටපු එක විතරයි. ඒ අතර සිදු වූ දේවල් ගැන අවධානයක් මට තිබුණේ නැහැ.
අන්තර්ජාල පුවත වුණේ ඔබ හා ඇය නර්තනයේ යෙදීම නෙවෙයි. නර්තනය අතර දෙතොල් සිපගැනීම?
(සිනාසී) මම නැටුවා නටලා ඉවරවෙලා කණ්ණාඩිය ළගට ගිහින් මම බැලුවෙ නැහැ මගෙ දෙතොලේ තොල් සායම් ගෑවිලා තියෙනවද කියන එක. ඉතින් මම කොහොමද ඔය දේ සිදුවුණාද නැද්ද කියලා ස්ථිරවම කියන්නේ.
ඔබේ පෙම්වතිය ඔය සිදුවීම නිසා කලබල වුණාලු නේද?
අපි මිනිස්සු. තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙකුට ළංවෙලා ඉන්නවා දැක්කම හිත රිදෙනවා. ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා. ඒක මනුෂ්‍ය ස්වභාවය. ඒක මගෙ
පෙම්වතියටත් පොදුයි. නමුත් ඔය නර්තනය නිසා ඇය මහා ලොකු කලබලයක් නම් ඇති කළේ නැහැ. ඇයට මා ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
ඈ පිළිබඳ මාධ්‍යයට හෙළි කළා නම් සමහර විට ඔවැනි සිදුවීම්වලින් ඇය කලබලවීම අඩුවෙයි.
මම ජනප්‍රිය චරිතයක්. ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය මාධ්‍යයට හෙළිදරව් කෙරෙනවා. ඒක ලෝකයේ කොයි රටේත් සිදුවන දෙයක් ඒත් සාමාන්‍ය මිනිසුන්ට ඒ තත්ත්වය අදාළ නැහැ. ඇය සාමාන්‍ය කෙනෙක්.ඇයට ඇගේ පෞද්ගලිකත්වය අවශ්‍යයි. ඉතින් මම පුද්ගලිකත්වය රකින්න ඕන හින්දා තමයි ඈ ගැන වැඩිදුර තොරතුරු මාධ්‍යයට නොකියන්නේ.
ඇය තමන්ගේ නම කොටපු ගෘහ භාණ්ඩ චිලීට තෑගි දෙනවලු නේද?
ඔව්. ඇය මගෙ එක උපන් දිනයකට මට ඇඳක් තෑගි දුන්නා. ඒකේ ඇගේ නම කොටලා තිබුණා. තවත් උපන් දිනකදී ඇගේ නම කොටපු අල්මාරියක් තෑගි දුන්නා. ඒ හැම තෑග්ගක්ම පසු කාලෙක මාත් එක්ක ඛෙදා හදාගෙන පරිහරණය කරන්න ඇයටත් සිදුවන දවසක් ඒවි.
ඒ තෑගි බෝග චිලිත් එක්ක ඛෙදා හදාගෙන පරිහරණය කරන්න ඇය ඔබේ නිවසට එන්නේ කවදාද?
(හිනැහී) ඒකනම් නිශ්චිතව කියන්න බැහැ. මේ කලා කටයුතු ව්‍යාපාර කටයුතු හින්දා මම ටිකක් කාර්ය බහුලයි. තව වසර කිහිපයක් තුළ අපේ විවාහය සිදුවේවි.