ඉන්දීය සුපිරි නළු ෂාරුක්ඛාන් වෙත අමතර ආරක්ෂාවක් ලබා දීමට මුම්බායි පොලිසිය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂාරුක්ඛාන්ගේ සමීපතම මිතුරෙකුවන කරීම් මොරාණි ගේ නිවසට වෙඩි තැබීමත් සමඟ මුම්බායි පොලිසිය මෙම තීරණය ගෙන තිබේ.
කරීම් මොරාණි හට පෙර සිටිම පාතාල තර්ජන ඇති බවත් ෂාරුක්ඛාන් සහ මොරාණි හොඳ යහළුවන් වන බැවින් මෙහි බලපෑමක් ෂාරුක්ටත් එල්ලවිය හැකි බවත් මුම්බායි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ නමුත් රවී පුජාරි නමැති පාතාල නායකයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මුම්බායි පොලිසිය සැකකරුයි.