දෙමටගොඩ, මිහිදු සෙන්පුර නිවාස සංකීර්ණයේ හත්වැනි තට්ටුවෙන් බිමට පැන 14 හැවිරිදි දැරියක සියදිවි හානි කරගෙන තිබේ.
ප්‍රේම සම්බන්ධතාවක් පිළිබඳ දැරියගේ පියා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත ඇය සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ පස්වරුවේ ඇය මහල් නිවාසයේ 07වන මහළින් බිමට පැන ඇති අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.