පුහුණුව ලබා මෙම 15 දා නව පත්වීම් ලබන හෙද සිසුන් 1327 දෙනකුට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වන පත්වීම් ලබාදීමේ උළෙලට අමතරව ඊට පරිබාහිර පුද්ගලයන් කිහිපදෙනකු විසින් තවත් ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් පැවැත්වීම සඳහා එම හෙද සිසුන්ගෙන් රුපියල් 2500 සිට 7000 ක මුදලක් එකතු කර ඇතැයි චෝදනා එල්ල වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයට බාහිරව මෙම ඩිප්ලෝමා ප්රදානෝත්සවය කොළඹ හෙද විදුහලේ වැඩ බලන විදුහල්පතිවරයා, හෙද ආචාර්යවරුන් පිරිසක් සහ හෙද සිසුන් කිහිපදෙනකු එක්ව සංවිධානය කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා zදිවයිනZට ප්‍රකාශ කළේය.
මෙම එක් හෙද සිසුවියකගෙන් රුපියල් 2500 සිට 7000 ක මුදලක් මෙම උත්සවය සඳහා එකතු කරගෙන ඇතැයි පැවසූ රත්නප්‍රිය මහතා රුපියල් 2500 බැගින් සිසුන් 1327 ක ගෙන් එකතු කළොත් එය රුපියල් ලක්ෂ 33 ක් වන බවද රුපියල් 7000 බැගින් එකතු කළොත් රුපියල් ලක්ෂ 92 ක් වන බවද කීවේය.
මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද, අගෝස්තු 18 දා මහරගම තරුණ මධ්‍යස්ථාන ශාලාවේ පැවැත්වෙන මෙම උත්සවයේදී ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් සිදු නොකරන බවද සමන් රත්නප්‍රිය මහතා කීය.
අමාත්‍යාංශයේ අනුමැතියක් නැති අසත්‍ය උත්සවයක් සඳහා සිසුන්ගෙන් මුදල් ලබාගෙන සිදු කරන මෙම වංචාව වහා නතර කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමන් රත්නප්‍රිය මහතා මෙම වංචාවට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා ජනාධිපති විමර්ශන ඒකකයට පැමිණිලි කරන බවද කීය.