-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දරු ප්‍රසූතියේ අති දුෂ්කර අවස්‌ථාවකට මුහුණදෙන මවුවරුන්ගේ දරු ගැබ දක්‌වා විහිදී ඇති නාලය තුළින් දරුවා පහසුවෙන් ලබා ගැනීම සඳහා ආර්ජන්ටිනාවේ මෝටර් රථ කාර්මිකයකු විසින් නිපදවා ඇති උපකරණයක්‌ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශංසාව හිමි වෙමින් පවතියි.
මෙම යාන්ත්‍රිකයාට මෙම උපකරණය නිපදවීමට හැකිවී ඇත්තේ හිස්‌ වයින් බෝතලයක්‌ තුළ හිරවී තිබුණු මූඩියක්‌ උපක්‍රමශීලීව ඉවතට ගැනීමේ සිද්ධියකින් පසුවය. මෙම ක්‍රමය තුළින් දරු ප්‍රසූතියේ දී මුළු ලොව පුරාම ජීවිත අසීමිත සංඛ්‍යාවක්‌ ගලවා ගැනීමට හැකිවන බව සැවොම විශ්වාස කරති.
ජෝර්ඡ් ඔඩින් නමැති මෙම යාන්ත්‍රිකයා පවසන පරිදි දරු ප්‍රසූතිය ඉතා අපහසු තත්ත්වයට පත්වන අවස්‌ථාවේදී වාතය පිරවූ ප්ලාස්‌ටික්‌ බෑගයක්‌ උපත් නාලය තුළින් ඇතුළු කොට ප්‍රසූත කිරීම පහසු කළ හැකි වන්නේය.
මෙම උපකරණය නිපදවීම සඳහා එක්‌සත් රාජ්‍යයේ වෛද්‍ය උපකරණ නිපදවන සමාගමකට අවසර දී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙය ඉතා ඉහළින්ම අනුමත කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකාරක වරයකු වූ වෛද්‍ය මාරියෝ මෙරියල්ඩි සඳහන් කළේ ස්‌ත්‍රියක්‌ විසින් මුහුණපාන මෙම අසාධ්‍ය තත්ත්වය දුරැලීමට මෙතෙක්‌ කිසිවක්‌ නිපදවා හෝ සිදුවී නැති බවය.
දරුවකු බිහි කිරීමට බාධා ඇතිවූ විට දැනට අනුගමනය කරන ක්‍රියා මාර්ගය වනුයේ ලෝහමය අඬු ඇතුළු කිරීම හෝ දරුවාගේ හිසට පෑඩ්ස්‌ තබා ඇල්ලීමය. තමා ලැබූ අත්දැකීම් අනුව මෙසේ කිරීමේදී අත් වැරැද්දක්‌ සිදු වුවහොත් එය අති භයානක බව පැවසූ වෛද්‍ය මේරියල්ඩි මෙවැනි අවස්‌ථාවකදී සිදුවූ වරදක්‌ නිසා තම නැන්දා කෙනකුට සදාකාලික නහර දුර්වලතාවකට මුහුණපෑමට සිදුවූ බවද පැවසීය.
දරුවන් පස්‌දෙනකුගේ පියා වූ 59 හැවිරිදි ඔඩින් දැනට වසර හතකට පෙර රාත්‍රියේ නින්දට ගිය දිනක සම්පූර්ණ රාත්‍රියම නිදි වර්ජිතව කල්පනා කොට ඇත්තේ මෙම ක්‍රමය දරුවකුට බලපාන අන්දමය. අලුයම තම බිරිඳගෙන් ඒ පිළිබඳ විමසූ විට ඇය පවසා ඇත්තේ “ඕක පිස්‌සු” වැඩක්‌ නිසාය.
එම ප්‍රකාශයෙන් නොසැලුණු ඔඩින් තම දියණියකගේ බෝනික්‌කකු රැගෙන මුළුතැන්ගෙයට ගොස්‌ තම නිර්මාණය ක්‍රියාත්මක කර බැලීය. ඉන්පසුව ඔහුට ඉතාම දුෂ්කර කාර්යයක්‌ වූයේ පළමුවෙන්ම එම නිර්මාණය එළිදැක්‌වීම සඳහා බලපත්‍රයක්‌ ලබාගැනීමය. දෙවනුව එම සංකල්පය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමය.
ඔහුගේ මිත්‍රයන් සහ නෑදෑයන් ඔහු වෛද්‍යවරුන් වෙත හඳුන්වා දෙනු ලැබීය. එම වෛද්‍යවරු ඔහුව තව තවත් දිරිමත් කළහ. ඒ අනුව ඔහු ආර්ජන්ටිනාවේ බුවනෝස්‌ අයර්ස්‌හි ප්‍රසව කටයුතු පිළිබඳ ප්‍රධාන වෛද්‍යවරයා හමුවිය. එම වෛද්‍යවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා පැවති අතර එමගින් ඔඩින්ට වෛද්‍ය මේරිපල්ඩ් මුණගැසීමේ අවස්‌ථාව උදාවිය.
එම ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරියා එම අවස්‌ථාවේ සිටියේ 2008 වෛද්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි. එය පැවතියේ ආර්ජන්ටිනාවේය. කෝපි පානය සඳහා සුළු විවේකයක්‌ ලැබුණු විට ඉහත කී යාන්ත්‍රිකයා විනාඩි දහයක කාලයක්‌ පමණක්‌ හමුවීමට එකඟවිය. එහෙත් මෙම යාන්ත්‍රිකයා හමුවීමෙන් පසුව පැය දෙකක කාලයක්‌ ගතවිය. අවසානයේ එම වෛද්‍යවරයා පිළිගත්තේ මෙය “විශිෂ්ට” නිර්මාණයක්‌ බවය.
එක්‌සත් රාජ්‍යයේ මෙම නිර්මාණය පරීක්‍ෂා කර බැලීමෙන් පසුව ජාත්‍යන්තර අනුග්‍රාහකයන් එයට සිය පූර්ණ සහයෝගය දැක්‌වීය. බිල් සහ මිලින්ද ගේට්‌ස්‌ පදනම එය ඉතා අගය කරමින් එහි චාම් බව සහ බලවත්භාවය අනුව එය දුගී භාවයෙන් පෙළෙන ගැමි ජනතාව අතර භාවිතයට යෙදීම වඩා යෝග්‍ය බවට නිර්දේශ කරනු ලැබීය.
වෛද්‍ය මේරියල්ඩි පැවසූයේ දරු ප්‍රසූතියේ දී ගර්භාෂය මාර්ගයේ දරුවා හිරවීමේ හේතුව නිසා මුළු ලෝකය පුරාම සිය දහස්‌ ගණනක්‌ මවුවරුන් මියයන බවය.
ස්‌විට්‌සර්ලන්තයේ ඩෙවොස්‌ නගරයේ පැවති ලෝක ආර්ථික සමුළුවේදී වෛද්‍ය මෙරියල්ඩි විසින් බෙක්‌ටන් ඩික්‌මන් සමාගමේ ගේරි එම්. කොහේනට්‌ පැවසූයේ මෙම නිර්මාණය නරඹන ලෙසය.
එය දැකීමෙන් මා අතිශයින් ප්‍රීතියට පත්වුණා යෑයි ලෝක සෞඛ්‍ය පිළිබඳ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ කොහේන් මහතා පැවසීය.
මෙම නිර්මාණය ආර්ජන්ටිනාවේ කාන්තාවන් විසි දෙනකු වෙත යොදා ක්‍රියාත්මක කරනු ලැබීය. එය උසස්‌ ප්‍රතිඵල ලබා දුන්නා යෑයි ලුසියානා වෑල් නමැති ගුරුතුමිය පැවසුවාය. “මගේ දරුවා වූ මැටියේ මෙම නිර්මාණයේ සහායෙන් ලැබූ පළමු දරුවා වන අතර දෙවැනි තල්ලුවේදීම ඔහුගේ හිස එළියට ආවා යෑයිද ඇය පැවසුවාය.
මෙය නිර්මාණය කිරීම සඳහා සෑහෙන මුදලක්‌ වැයවන නමුත් දුප්පත් රටවලට ඉතා අඩු මුදලකට ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔඩින් නිව්යෝක්‌ ටයිම්ස්‌ පුවත්පතට පැවසීය.
(The telegraph Group London 2013)
එස්‌. කේ. ඡේ. කුරේ / Divaina

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos