බුදුන් වහන්සේගේ රුව පච්චයක් ලෙස සිතුවම් කරගෙන මෙරටට පැමිණි ප්‍රංශ ජාතික කාන්තාවන් දෙදෙනෙකු මෙරටින් පිටුවහල් කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, අදාළ කාන්තාවන් දෙදෙනා ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
මීට දින තුනකට පෙර එම විදේශීය කාන්තාවන් දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන් කටුනායක පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පසුව එම කතුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊයේ නඩුව විභාගයට ගැනිණි.
ඔවුන් මෙරටට පැමිණ සිටියේ, සංචාරක වීසා මත ය.