මෙරට උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ ජනාධිපති මාවතේ පිහිටි ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ මුදුනේ සිට විදේශික ජාතිකයන් දෙදෙනෙකු බිමට පැන තිබේ.
මෙම ගොඩනැගිල්ල තට්ටු 37කින් යුතු වන අතර මෙම විදේශීය ජාතිකයින් දෙදෙනා එම වහලයේ සිට බිමට පැන ඇත්තේ බේස් ජම්ප් තරග ඉසව්ව සදහා පුහුණුවීමේ කටයුතු සඳහායි.
ඇමරිකානු ජාතික ක්‍රිස්ටන් ඊවන් හා කැනඩා ජාතිකයෙකු වන ගැරට් පෙරී මෙම ත‍්‍රාසජනක ක‍්‍රියාව සිදුකලහ.