චුයින්ගම් සඳහා යොදාගන්නා ගම් භාවිත කොට තක්කාලි වෙනුවට වෙනත් සිරුරට අහිතකර ද්‍රව්‍යවලින් නිපදවන ලද සෝස් ලීටර් 2000ක් කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ නිෂ්පාදනාගාරයක තිබී අත්අඩංගුවට ගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මේවා සොයාගෙන ඇත.
මේ අතර බතික් ඩයි වර්ග යොදා නිෂ්පාදනය කෙරුණු මිරිස් කිලෝ 1000ක් ද එම නිෂ්පාදනාගාරයේ නිපදවමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ස්ථානයේම විෂබීජ නාශක වර්ග නිෂ්පාදනය කරන බවට ද හෙළිවී ඇත. එම ස්ථානය බොහෝසෙයින් අපිරිසිදු බවට ද පාරිභෝගික කටයුතු නිලධාරීන්ට දක්නට ලැබී තිබේ.
මෙම නිෂ්පාදනාගාරයේ හිමිකරුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරගෙන යයි.
මෙම නිෂ්පාදනාගාරයේ හිමිකරුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරගෙන යයි.