-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය පසුගිය කාලයේදී දින පනස්‌පහක කාලයක්‌ වසා දැමීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්‌ඩලයට රුපියල් දශලක්‍ෂ 3800 කට අධික පාඩුවක්‌ සිදුව ඇතැයි ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මහජන උපයෝගීතා කොමිසම වෙත ලිත දැනුම් දීමක්‌ කර ඇත.

මෙම පාඩුව කිසි ලෙසකින්වත් ජනතාව පිට පැටවීමට ක්‍රියා නොකරන ලෙසත් විදුලිය ගාස්‌තු සමාලෝචනයේදී මෙම පාඩුව සැලකිල්ලට නොගන්නා ලෙසත් ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති එස්‌. රනුග්ගේ මහතා එම ලිපියෙන් අවධාරණය කර ඇත.

එම ලිපියේ තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ඔබ කොමිසමේ වෙබ් අඩවිය මෙන්ම විදුලි පාරිභෝගික ව්‍යාපාරයද ප්‍රකාශ කරන පරිදි වර්ෂාව හේතුවෙන් මෙම වසරේ මුල් මාස 09 දී අපේක්‍ෂා කළ ගිගොවොට්‌ පැය 2800 ද අභිබවමින් විදුලිය ගිගොවොට්‌ පැය 5000 කට වැඩි සංඛ්‍යාවක්‌ නිපදවීමට හැකිවී තිබේ.

එසේ හෙයින් නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමෙන් අති විශාල පාඩුවද පිටුදකිමින් දිනපතා සෑම විදුලි ඒකකයකින්ම මේ වන විට විදුලි බල මණ්‌ඩලය රුපියල් තුනකට වැඩි ලාභයක්‌ උපයමින් සිටී. විදුලි පාරිභෝගික ව්‍යාපාරය සඳහන් කරන අන්දමට නව විදුලි ගාස්‌තු මිල ක්‍රමයට අනුව විදුලි ඒකකයකින් ලංකා විදුලිබල මණ්‌ඩලය ලබන සාමාන්‍ය ආදායම රුපියල් 18.63 කි. එහෙත් විදුලි ඒකකයක්‌ නිපදවීම සඳහා වැය වන සාමාන්‍ය මුදල රුපියල් 15.42 කි. ඒ හේතුවෙන් ඒකකයකින් ලබන ලාභය රුපියල් 3.21 කි. මෙම තත්ත්වය මත ජල විදුලි උත්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්‌ඩලය රුපියල් බිලියන 25 කට ආසන්න ලාභයක්‌ මේ වන විට ලබා ඇති බව ඇස්‌තමේන්තු කළ හැකි බව විදුලි ඉංජිනේරුවෝ සනාථ කරති.

විශේෂයෙන්, විදුලි ගාස්‌තු ක්‍රමය නිර්ණය කිරීමේදී පදනම් වනුයේ ලංකා විදුලි බල මණ්‌ඩලයේ වාර්ෂික වියදම් ඇස්‌තමේන්තුව බැවින්, අපේක්‍ෂා කළ වියදමට වඩා අඩු වියදමකින් මේ වසරේ විදුලි ජනනය කොට සම්ප්‍රේෂණය කර බෙදා හැරීමට හැකිවීම සතුටට කරුණකි. අපේක්‍ෂා නොකළ පරිදි ජල ධාරිතාව වැඩිවීම මීට මූලිකම හේතුව වන අතර මණ්‌ඩලයේ වාර්ෂික වියදම් සැකසීමේදී පසුගිය වර්ෂවල මණ්‌ඩලය ණය වූ මුදල් ප්‍රමාණයන් හෝ එම මුදල අදාළ ණය හිමියන්ට ගෙවන ආකාරය පිළිබඳව හෝ කිසිදු දැනුවත් කිරීමක්‌ මහජනයාට හෝ ඔබ කොමිසමට දන්වා නොමැති බැව් අපගේ විශ්වාසයයි.

එබැවින් මෙම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීම ඔබ කොමිසම සතු වගකීමක්‌ මෙන්ම යුතුකමකි. ලබන ජනවාරි මාසයේ සිට ඉන්ධන ගැලපුම් ගාස්‌තුව විදුලි බිලෙන් අඩු කිරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්‌ති අමාත්‍යාංශය මේ වන විටත් ප්‍රකාශ කර ඇත. එහෙත් එම සහනය වැඩි වශයෙන් හිමිවන්නේ සාමාන්‍ය විදුලි පාරිභෝගිකයාට නොව වැඩිම විදුලි ඒකක සංඛ්‍යාවක්‌ පරිහරණය කරනු ලබන පුද්ගලයන් හා ආයතනයන්ටය. මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සාධාරණ ගාස්‌තු සංශෝධනයක්‌ ඔබ කොමිසම විසින් හඳුන්වාදෙනු ඇතැයි අප අපේක්‍ෂා කරන්නෙමු.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos