යුද සමයේදී LTTE සාමාජිකයන් පාවිච්චි කළ වාහන නීති විරෝධී ලෙස රැගෙන විත් ව්‍යාජ අංක තහඩු සවිකර භාවිත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැසක් යුද හමුදා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
කොළඹ, මීගමුව වැනි ප්‍රදේශවලින් මෙලෙස නීති විරෝධී ලෙස ගෙනා වාහන භාවිත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වාර්තා වන බවත් එම පුද්ගලයන් අතුරින් සමහරු LTTE සාමාජිකයන්ට උදවු කර ඇති බවත් යුද හමුදා බුද්ධි අංශ හෙළිදරව් කරගෙන ඇත.
එසේ නීති විරෝධී ලෙස වාහන තබාගන්නා ඇතැම් පුද්ගලයන් LTTE සංවිධානයට කුලියට වාහනද සපයා ඇති බව යුද හමුදා බුද්ධි අංශ පවසයි.
නීති විරෝධීව ළඟ තබාගෙන සිටින ඇතැම් වාහනවල යුද සමයේදී වෙඩි වැදී ඇති පාරවල්ද දකින්නට ඇති බවත් එම වාහන නැවැත ගෙන්වීමට ආරක්ෂක අංශවල සහයෝගය ලැබී ඇතැයි සැකකරන බවත් වැඩිදුරටත් යුද හමුදා බුද්ධි අංශ අනාවරණය කෙළේය.