ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් පිරිනැමූ දැවැන්තම තෑගි මුදල පිරිනැමීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සූදානම් වේ. ඒ රුපියල් කෝටි 10ක ජය මල්ලකි.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වා දී ඇති මේ ලොතරැයිය "හයිවේ ඩ්‍රීම් නමින් හැඳින්වේ.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වා දී ඇති මේ ලොතරැයිය "හයිවේ ඩ්‍රීම් නමින් හැඳින්වේ.
මේ ටිකට්පතේ මිල රුපියල් 100ක් වන අතර නොවැම්බර් මස 8 වැනිදා සිට ලොතරැයි මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට හිමි වෙයි.
රුපියල් කෝටි 10ක සුපිරි ජය මල්ලට අමතරව "හයිවේ ඩ්‍රීම්" ලොතරැයිය මෝටර් රථ 50ක්ද තෑගි වශයෙන් ජයග්‍රාහකයන්ට පිරිනැමීමට ජාතික ලොතරැයි මණ්ඩලය සූදානම් වෙයි. මේ ලොතරැයියේ දිනුම් ඇදීම දෙසැම්බර් මස 31 වැනි දින රාත්‍රියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර එදින මෙරට ප්‍රථම දසකෝටි වාසනාවන්තයා පත්වීමට නියමිතය.