බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රථම බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා බව කැෆේ සංවිධානය පවසයි.
ඊයේ (6) නාමයෝජනා දීමන් අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික් එජනිස අපේක්ෂකයෙකුගේ ගේ ආධාරකරුවන් පිරිසක් විසින් හම්බන්තොට එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ගේ සමීපතම ආධාරකරුවන් දෙදෙනෙකුට පහර දී ඇති අතර ඔවුන් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.
මිද්දෙනිය කාරියමඩිත්ත දිසා රෝහල අසල පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට සිදු කරන අතර මෙම පහරදීම සිදු කොට ඇත. එජාප හිතවතුන් වන පහර කමට ලක්වුවන් දෙදෙනා මෙම ස්ථානයට පැමිණ ඇති අතර එහි දී එජනිස අපේක්ෂකයින් තමන්ට පහර දුන් බව කැෆේ සංවිධානය වෙත යොමු කළ පැමිණිල්ලේ දැක් බවද එම සංවිධානය වැඩි දුරටත් සඳහන් කර සිටි.