පෞද්ගලික දුරකථන සමාගම් මගින් තම දුරකථන විකාශන බල ගැන්වීම සඳහා ප්රදේශයේ උස්බිම් ආශ්රිතව ඉදිකොට ඇති ඇතැම් උසැති දුරකථන කණුවලින් අසල ඇති නිවෙස්වලට මහත් වින්නැහියක් සිදුවන බැව් මාකඳුර ප්රදේශවාසීහු පවසති.
වැසි සහිත කාලවලදී එන අකුණු සරවලින් තම නිවාසවලට හා බඩුබාහිරාදියට පසුගිය දවස්වල හානි සිදුවූ බවද මෙම කුලුනුq සවි කිරීමෙන් පසුව හැම මොහොතකම අකුණු සර වැදීම වර්ධනය වී ඇතැයිද ප්රදේශවාසීහු පවසති. මෙම කණුවලින් අකුණු සර නිවාස දෙසට විසිකරන බවද ඔවුහු පවසති.
මෙම තත්ත්වය නැති කරලීම පිණිස පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති.