වසර 15 ක් පුරා මැදපෙරදිග රැකියාවක යෙදී පැමිණි බිරිඳගේ ගෙල මන්න පිහියෙන් කපා මරා දමා සැමියා නිවසේ කාමරයක බාල්කයක එල්ලී ගෙලවැලලාගෙන ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දොඩම්ගස්ලන්ද ගල්සේරගොල්ල ග්‍රාමයෙන් වාර්තා වේ.
මන්න පිහියෙන් බෙල්ලට කොටා මෙසේ මරාදමා ඇත්තේ බී. ඇම්. ටිකිරි මැණිකේ නමැති (52) දෙදරු මවක් වන අතර ඇගේ සැමියා වන ඒ. පී. කීර්තිරත්න (අවු.51) නමැත්තාද ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත.
වසර 15 ක් විදෙස්ගතව රැකියාවක යෙදී පෙරළා නිවසට පැමිණි බිරිඳ වන ටිකිරිමැණිකේ සමඟ නිතර නිතර බහින් බස් වී ඇති අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇතිවී තිබෙන බව පැවසේ. සියදිවි හානිකරගත් සැමියා වන කීර්තිරත්න නමැත්තා නිතරම මත්පැන් පානය කරන අයෙකු බවත් අනාවරණය වේ.
පසුගිය 21 දින සවස මෙම ද්විත්ව මරණය සිදුවී ඇත.
මෙසේ මියගිය අඹුසැමි යුවළගේ රියෑදුරෙකු වන පුතු සවස 4.00 ට පමණ නිවසට පැමිණි විට තම මව නිවසේ රෙදි සෝදන ස්ථානයේ ලේ විලක් මත වැටී සිටි අයුරු දක්නට ලැබී ඇත. අනතුරු පියා ගැන සොයා බලද්දී ඔවුන්ගේ පැරණි නිවසේ කාමරයක බාල්කයේ ලණුවකින් එල්ලී ගෙල සිර කරගෙන ජීවිතක්ෂයට පත්වී ඇති අයුරු දක්නට ලැබී ඇත.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෙම මෘතදේහ දෙක කුරුණැගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
මෙම ද්විත්ව මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගොකරැල්ල පොලිසිය පවත්වයි.
වසර 15ක් රට සිට පැමිණි බිරිඳගේ ගෙල කපා මරා සැමියා ද දිවි නසාගෙන
2014-07-25T16:43:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|