පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මීට අදාළ තව ත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනිමට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව ය.
වැල්ලවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ල කා තිබේ.
පොලීසිය සඳහන් කළේ, පසු ව අදාළ පුද්ගලයා මහමග දමා ගොස් ඇති බව ය.
කොල්ලකන ලද මුදලින් රුපියල් ලක්ෂ 12 ක් පමණ සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැල්ලවත්ත පොලීසියට අනුයුක්තව සේවය කරන්නෙකු වන අතර ඔහුගෙන් වැඩි දුරට ත් ප්‍රශ්න කෙරෙන බව පොලීසිය සඳහන් කළේ ය.