-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


Google I/O කියන්නේ ගූගල් සමාගම සිය නව නිර්මාණ එළිදක්වන වසරකට වරක් පැවැත්වෙන වැඩසටහන් මාලාවක්. සෑම වසරකම පාහේ Google සිය ආධිපත්‍යය පතුරුවන්නට නව නිර්මාණ හා සේවාවන් ලොවට හඳුන්වා දෙන්නේ Google I/O හරහා යි. මීට වසර දෙකකට පෙර Google Glass හඳුන්වා දුන්නේද Google I/O හීදි වන අතර පසුගිය වසරේ ද අලුත් සේවාවන් කිහිපයක්ම හඳුන්වා දුන්නා.

මේ වසරේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇත්තේ Android මෙහෙයුම් පද්ධතියයි. ජංගම දුරකථනයට අමතරව ඔබේ ඔරලෝසුවට (Android Wear), TV යන්ත්‍රයට හා Car එකටත් Android මෙහෙයුම් පද්ධතිය යොදාගන්නට ගූගල් සූදානම් වන ආකාරය පිළිබඳව දැනගන්නට මේ වසරේදී හැකියාව ලැබේවියැයි සිතිය හැකියි. මීට අමතරව Chrome, Search, Web Apps, Google Silver, Project Ara හා අන්තර්ජාල බැලූන පිළිබඳවත් යම් යම් තොරතුරු මේ වනවිටත් නිකුත් වී හමාරයි.

ජූනි 25 වනදා ආරම්භ වන මේ උළෙලට සමගාමීට ලංකාවේද Google I/O Extended උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට මේ වන විටත් සියල්ල සූදානම්. පසුගිය වසරේ මුල්වරට පැවති Google I/O Extended සඳහා අති විශාල පිරිසක් සහභාගී වූ අතර ඒ සඳහා අනුග්‍රහය දැක්වූ Mobitel සමාගම මෙවරත් පූර්ණ අනුග්‍රහත්වයෙන් දායක වේ.

ඒ අනුව 2014 වසරේ Google I/O Extended සඳහා සහභාගී වී තාක්ෂණික ලෝකයේ දැවන්තයාගේ නව නිර්මාණ ගැන දැනගන්නටත්, විවිධ අධ්‍යාපනික හා විනෝදාත්මක අංග පිළිබඳව දැනගැනීමටත් ඒ උලෙළට සහභාගී වීමෙන් ඔබටත් හැකියාව ඇත. (නමුත් මේ වන විට ඒ සඳහා ලියාපදිංචි කිරීම සිදුකර හමාරය. 

25 වන දින සවස 6 සිට එදින රාත්‍රිය පුරා Sri Lanka Foundation හීදී පැවැත්වීමට නියමිත මේ වැඩසටහනේ දී San Francisco හීදි පැවැත්වෙන Google I/O ප්‍රධාන උත්සවය සජීවීව දැකගත හැකිවනු ඇත. මීට අමතරව දේශීය විද්වතුන් සමඟ සුහද කතාබහක් ද, Hackathon හා hangout sessions ද අත් විඳිය හැක. එමෙන්ම විවිධ තරඟ හරහා වටිනා තෑගි දිනාගැනීමටත් ඔබට හැකියාව ලැබෙනු ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos