-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පෘථිවිය සිය ඉතිහාසයේ 6වන මහා පරිමාණ ජෛව වඳවීමෙහි පෙර අවස්ථාවේ පසුවන බව නවතම අධ්‍යනයකින් අනාවරණය කර තිබේ.
ඇමරිකාව, බ‍්‍රසීලය, මෙක්සිකෝව සහ බි‍්‍රතාන්‍යය නියෝජනය කරන විශ්වවිද්‍යාල කිහිපයක පර්යේෂකයන් පිරිසක් විසින් පෘථිවියේ ජෛව විවිධත්වයේ සිදුවෙමින් පවතින ශීඝ‍්‍ර වෙනස්කම් අධ්‍යනය කිරීමෙන් මෙම නිගමනයට එළඹ ඇතැයි පැවසේ.
වසර බිලියන 3.5කට පෙර ජීවය බිහිවීමෙන් අනතුරුව පෘථිවිය මේ ආකාරයේ ජෛව වඳවීම් 5කට මුහුණ දී ඇති බව විශ්වාස කෙරේ.
පර්යේෂකයන් පවසා ඇත්තේ අවසන් වසර 35 තුළ පෘථිවි ජනගහනය දෙගුණ වීම මගින් පෘථිවියේ සත්ව ගහණය වේගයෙන් පහත බැස ඇති බවයි.
ඉතිරිව ඇති පෘෂ්ඨවංශීන් 25%ක වඳවීමේ වේගයක් දක්වමින් ඇති අතර අපෘෂ්ඨවංශීන් අතරේ වඳවීමේ වේගය 45%කි.
පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි ස්ටැන්ෆෝර්ඞ් විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා මහාචාර්ය රොඩොල්ෆෝ ඩර්සෝ පවසා ඇත්තේ ඇතැම් සත්ව විශේෂයන් වඳවීම මගින් මිනිසා ඇතුළු පරිසර පද්ධතීන් නොසිතූ වෙනස්කම් වලට භාජනය වන බවයි.
උදාහරණයක් ලෙස අලි ඇතුන්, හිම වලසුන්, රයිනෝසිරසයන් වැනි විශාල ප‍්‍රමාණයේ සතුන් වැඩි වේගයකින් වඳ වෙමින් ඇති අතර ඒ හා සමගාමීව මීයන් ගහණය වැඩි වීමත් උන් විසින් වසංගත සම්පේ‍්‍රෂණය කිරීමත් වේගවත්වී ඇති බව ඔහු පවසා තිබේ.
මෙම ජෛව වඳවීම 2400 පමණ වන විට උච්ඡුස්ථානයට එළඹෙනු ඇතැයි අනාවැකි පළ කර ඇතැයිද වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week