ගල් ඔය සිට ත‍්‍රිකුණාමලය දක්වා ධාවනය වූ මගී දුම්රියක් හා ත‍්‍රිකුණාමලය සිට ගල් ඔය දක්වා ධාවනය වූ බඩු ප‍්‍රවාහන දුම්රියක් ගල් ඔය හා කන්තලේ අතර එකම මාර්ගයක ධාවනය වීමෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් නූලෙන් වැළකී ගොස් ඇත.
ඊයේ පස්වරුවේ ගල් ඔය සිට ත‍්‍රිකුණාමලය බලා ධාවනය වූ මගී දුම්රිය ප.ව. 1.00 ට ගල් ඔය දුම්රිය ස්ථානයෙන් ද ත‍්‍රිකුණාමලය සිට ගල් ඔය බලා ධාවනය වූ බඩු දුම්රිය දහවල් 12.40 ට පමණ කන්තලේ දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර ඇති බවත් අනතුරුව එකම මාර්ගයේ දුම්රිය දෙක ගමන් කිරීම පිළිබඳව අනුරාධපුර දුම්රිය පාලන කාර්යාලයෙන් හා ගල් ඔය දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය දෙකේ රියැදුරන් දැනුවත් කිරීම නිසා දුම්රිය නතර කර ගැනීමෙන් සිදු වීමට ගිය අනතුරක් නූලෙන් වැළකී ගොස් තිබේ.
මෙම මාර්ගයේ ටැබ්ලට් ක‍්‍රමය උපයෝගී කර ගෙන දුම්රිය ධාවනය සිදු වෙන අතර පණිවුඩ හුවමාරුවේ වැරැුද්දක් නිසා දුම්රිය දෙක එකම මාර්ගයේ ධාවනය වී ඇති බවට මූලික පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.