රග්බි ක්‍රීඩාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ දිනවල කොළඹ පාසල් කිහිපයක වැඩමුළු පවත්වමින් සිටී.
ඒ යටතේ ඊයේ දිනයේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලටත්, විශාකා විද්‍යාලයටත්, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේත් මෙම වැඩමුළු පවත්වා ඇත.
මෙම වැඩමුළු සඳහා නාමල් රාජපක්ෂ මහතා සහභාගී වී ඇත්තේ ගායක ඉරාජ් වීරරත්න සමගින් වන අතර ඉරාජ් විසින් සිරිමාවෝ බණ්ඩානායක විදුහලේ වැඩමුළුව අවසානයේදී ගැයූ ගීතයකට එහි පාලනාධිකාරියෙන් විරෝධය පලවී ඇතැයි වාර්තා වෙයි.