-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක වන මුස්ලිම් සංවිධාන කිහිපයක බැංකු ගිණුම් අත්හිටුවීමට HSBC බැංකුව කටයුතු කර ඇතැයි වාර්තා වේ.
උතුරු ලන්ඩනයේ ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානයේ බැංකු ගිණුම මෙලෙස අත්හිටුවා ඇති අතර ජුලි 22 දාතම සහිත ලිපියක් මගින් HSBC බලධාරීන් දන්වා ඇත්තේ ආයතනයේ කටයුතු මගින් බැංකුවේ අවදානම් සීමාව ඉක්මවන හෙයින් මෙම පියවර ගත් බවයි.
මේ අතර දශකයක් පුරා ගාසා තීරයේ සහන සේවා කටයුතු සඳහා මුදල් පිරිනැමූ උම්මා සුභසාධන අරමුදයේ ගිණුමද ඒ හා සමාන පැහැදිලිකිරීමක් සහිතව අවලංගු කර ඇතැයි පැවසේ.
අරමුදලේ අධ්‍යක්ෂක මොහොමඞ් අහමඞ් පවසා ඇත්තේ මින් පෙර ගාසා යුද්ධයේදී බාක්ලේස් බැංකුවද තමන්ට මේ ආකාරයෙන්ම සැලකූ බවයි.
යුරෝපය සහ මැදපෙරදිග අතර සබඳතාවය පිළිබඳ අවධානය දක්වන බුද්ධි මණ්ඩලයක් වන කෝර්ඩෝබා ආයතනයේ ගිණුමද මෙලෙස අත්හිටුවීමට HSBC බැංකුව පියවර ගෙන ඇත.
මෙහි විශේෂත්වය වන්නේ එහි ප‍්‍රධානි අනාස් අල් ටික්රිටි මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලූ දෙනාගේම පුද්ගලික බැංකු ගිණුම් පවා අත්හිටුවා තිබීමයි.
මේ පිළිබඳ අදහස් දක්වන විචාරකයන් පවසන්නේ HSBC බැංකුව දිගු කාලයක සිට ඊශ‍්‍රායල හිතවාදී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
ගාසා තීරයේ ගැටුම් ඇවිළ යාම සමග පලස්තීන හිතවාදී සංවිධාන වල බැංකු කටයුතු අත්හිටුවීමට බැංකුව වෙත බලපෑම් එල්ල වනු ඇතැයිද ඔවුන් පවසා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week