-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කැලණිතිස්ස රජතුමා, විහාරමහාදේවියව මුහුදට පා කරලා හැරියෙ කුමන ඉසව්වකින්ද කියලා ඇති වෙච්ච කුතුහලයෙන් මිදෙන්න, මං මේ ඉන්නෙ, කැලණිතිස්ස බලාගාරය ළඟට වෙලා 154 බස් එක එනකන් කලාපුරයට යන්න. කලාපුරයෙ ඉන්න විහාරමහාදේවි නං ඔය ප්‍රශ්නය දන්නවා ඇති. 154 බස් එකේ මං නිදිකිරා වැටි වැටී ගන්ධබ්බයෙක් වගේ පාවෙවී හිටියෙත් උද්ධෘතයෙ මා ස¼දහන් කරපු ප්‍රශ්නයත් කර තියන්. මං දැන් ඉන්නෙ කලාපුරයෙ සුවිශාල නිවෙසක උඩුමහල් තලයේ. පඩිපෙළ දිගේ ඇහෙන මිණි කිංකිණි හඬක්.අනුමාන නෑ. ඔය නං එන්නෙ විහාරමහා දේවී. දිගු සායක් ඇඳගත් අතිශය රූමත් කාන්තාවක් පඩිපෙළ දිගේ හෙමින් හෙමින් ඉහළට ජයන්ත චන්ද්‍රසිරිගේ 'මහ රජ ගැමුණු' චිත්‍රපටයේ විහාරමහාදේවී දැන් මං ඉදිරිපිට.


ම්... විහාරමහාදේවිද?
නෑ. කුසුම් රේණු...
අහන්න හිතාගෙන ආපු කැලණිතිස්ස අවුල යකාට ගියාවේ. කුසුම්ගෙන්, අහන්න ප්‍රශ්න ගොඩයි.
හැමදාමත් ආදරණීය හිනාවේ නොවෙනස් වන ආදරය.
තාත්තා තමයි ඔටුනු නොපැලඳි මගේ මහරජ
පුද්ගලයන් වශයෙන් මං කැමති චරිත තියෙනවා ගොඩක්. නමුත් එයිනුත් මගේ තාත්ත තමයි මට අංක එක.
එයාට තිබිච්ච පුදුම ගුණාංගයක් තමයි හැමෝම විශ්වාස කරන එක. සමාජය හැම කෙනෙක්ම යහපත්. හැමකෙනෙක්ම මාර හොඳයි කියන විශ්වාසයක් වගේ තාත්තට තිබුණා.

ඇත්තටම ඔයා දන්නවද, සමහර අය තාත්තා දැරූ ඒ විශ්වාසය කඩන්න බැරිකමට, තාත්තා හොඳයි කියල දැරූ ඒ විශ්වාසය එහෙමම රැකපු අයත් ඉන්නව. අන්න ඒ වගේ සාධු ගුණ තිබිච්ච කෙනෙක් තමයි මගේ තාත්තා.
අපි දැන් මොකක් හරි වැඩකට යන්න සූදානම් වෙනව නම් තාත්ත හදන්නෙ වෙලාවටත් කලින් අපිව එතැනට යවන්න.
'පුතේ, අට කිව්ව නං, ගෙදරින් අටට යන එක නෙමේ වැඩේ. අටට නෙමේ. හරි නං අටට විනාඩි දහයකටවත් කලින් එතැන ඉන්න ඕන'.
තාත්ත කියන්නෙ ඔහොම.


ඉස්සර මට මතකයි මං වැඩක් දාගෙන ඉන්නව නං, තාත්ත මට වැඩිය උනන්දුයි මාව එතැන්ට වෙලාවටත් කලින් යවන්න. හැබැයි ඉතින් අම්ම එහෙම නෙවි. මාව දුවක් නේ. හරිම පරෙස්සම්.
මගේ තාත්තා British Car Company  එකේ Paint Superviser කෙනෙක්. හැමතිස්සෙම තාත්ත ගනුදෙනුකෙරුවෙ විදේශිකයනුත් එක්ක. තාත්ත අපිව එක්කරගෙන යනව Christmas Parties  වලට අපිට Golf  සෙල්ලම් කරන්න වත්ත හදල දීල තිබුණ ගෙදරට පෝනියෙක් ගෙනත් තිබුණා.
මගේ තාත්තා සුද්ද වගේ තමා වැඩ
තාත්තට තිබුණ තවත් ඉහළම ගුණාංගයක් තමයි පරෝපකාරීකම, කවුරු හරි රස්සාවක් ඇහුවොත් කොහොම හරි එයාට රස්සාවක් හොයල දෙනව. නැදෑයන්ට, දරුවන්ට මගේ තාත්තා හරියට උදව් කළා. ඒ මගේ තාත්තගෙ හැටි. ඇත්තමයි. ඔටුනු පැලැන්දෙ නැති වුණාට මට මගේ තාත්ත රජෙක්.


කිංකිණි රාවේ සිලි සිලිය
ජීවිතයක වඩාත්ම ආසා කරන දේ නොවැදගත් දෙයක් වෙන්නත් පුළුවන්. නොවටිනා වෙන්නත් පුළුවන්. නමුත් අක්ක දන්නවද මම ආසම කරන අනෙක් දේ...?
ඔයා ඒක ඇහුවම හිනා වේවි.
පාද සලම්වලට. ගෙජ්ජිවලට.
ඒ සිලි සිලි සද්දෙට ඇහෙන කිංකිණි සද්දෙට මං හරිම කැමැතියි.
කුසුම් ඇඳගෙන සිටි දිගු සායට සැඟවී තිබූ ඇගේ දෙකකුලේ රැඳුණු පාද සලම් කිහිපය දැක්කාම මට පුදුමත් හිතුණා.
විහාරමහාදේවිය හෙමි හෙමින් පියගැට පෙළේ උඩට ගඟිද්දී ඇසුණ කිංකිණි රාවය මොකක්ද කියලා දැන් මට හිතාගන්න පුළුවන්.
මගේ ළඟ පාද සලම්වල ලොකු එකතුවක් තියෙනවා. කොහේ හරි ගමනක් ගිය වෙලාවක හරි එහෙම ෂූටින්වලට කොහාට හරි ගියපු වෙලාවකට හරි ලස්සන පාද සලඹක් දැක්කොත් මං ඒක සල්ලි දීල ගන්නවා.


පාද සලඹට විතරක් නෙමේ, මේ අතට දාන වළලුවලට වුණත් පුංචි ගෙජ්ජි තියෙනව නං මම ආසයි. හිතන්න දැන් අතට දාන වළලු එකට ගැටෙන කොට ඇහෙන සද්දෙ. ඒ සද්දෙ හරි මිහිරියි නේ.
පුංචි පුංචි ගෙජ්ජි වගේ මිණිගෙඩි දාල හදවපු වළලු මං ගාව තියෙනවා. මං ඒ සද්දෙට ආසයි කියල ඒව හදවනකොට එහෙම නැත්නං සල්ලි දීල ගන්නකොට ශ්‍රියන්ත දරුවො හෙම මට හිනාවෙනවත් එක්ක. 'අම්මගෙ පුදුම ආසාවල් නේ තියෙන්නෙ' කියල.


ඇත්ත. ඉතින් ඒ ඇයි කියන්න මමවත් දන්නෙ නෑ. සමහරු ඔය ගුප්ත දේවලට ආසයිනේ. පාදසලම් සහ මිණිගෙඩිවල කිංකිණි සද්දෙ ගුප්ත නැහැ. නමුත් මට හිතෙනවා, එවැනි ආභරණයක් පැලඳලා ඉදිද්දි, මට ඇහෙන සහ දැනෙන මිහිරි රාවය ඇතුළෙ මගෙ ජීවිතෙත් තියෙනව කියලා.
මං අතුරු ප්‍රශ්නයක් දැම්මා. මෙහෙම.


'ඒ කියන්නෙ ජීවිතේ පාද සලඹක්ද? මිණි ගෙඩියක්ද?
'ඒක නෙවි අර්ථය. ඒවයින් නැඟෙන මිහිරි සද්දෙ මට ජීවිතය දෙනවා කියන එක...'
'හරි එහෙනම් ලස්සන රාවයක් ගලාගෙන යන විදියෙ ලස්සන මිහිරි ජීවිතයක් කුසුම් සතුයි කියන එකද?'
'සත්තකින්ම...! ඒක තමයි මගේ අර්ථ කථනයත්...' ඇත්තමයි... කුසුම්ගේ ඒ අමුතුම තාලේ හීන සිතිවිල්ලට මාත් ආදරෙයි...
ගෑනු දැක්කම වහවැටෙන මනමාල මුහුද
පුංචි කාලෙ අපි මුහුදට මොනතරම් ආසද...? සමහර වෙලාවට ඔබටම දැනෙනව ඇති ජීවිතයත් මුහුද වගෙයි කියල.
හැන්දෑ වරුවෙ ඉර බැහැගෙන යන වෙලාවට ට්චතතඥ ජ්චජඥ පැත්තට ගියොත් ඔබට හිතේවි, මුහුදට ආස කරන්නෙ පුංචි ළමයි විතරද කියල.

'ආදරෙයි... මුහුද තරම්ම...'
සමීපයි... මුහුදයි වෙරළයි තරම්ම...!
ඒ සිතිවිලි ඔබේ හිත ඇතුළෙ හංගාගෙන ඉන්නෙ නිකම්ම නෙවේ.
කුසුම්ත් එහෙමයි.
'මං දකින්න කැමැතිම තැන මුහුද. හැපි හැපී බිඳෙන රළ හ‍ෙ¾ඩ් තියෙන්නෙ වේදනාවක්. නමුත් ඒ හඬ ගැඹුරුයි.
දෙතුන් දෙනෙක් හතරපස් දෙනෙක් එහා මෙහා යන වෙරළක වැල්ලෙ වාඩිවෙලා මුහුද දිහා බලාගෙන ඉන්න ඇත්නම් අක්කෙ, මට ඒක භාවනාවක් තරමටම සැහැල්ලුයි.


එහෙම බලාගෙන ඉඳිද්දි සමහර වෙලාවට මට මුහුද චිත්‍රයක් වගේ දැනෙනවා. මුහුදත් නිල්පාට අහසත් නිල්පාට සුදු පාට රැළි හීන් තීරු තීරු තැනින් තැන.
තැඹිලි පාට ඉර වට්ටියක් තරම්.
මට නම් එහෙම පෙනෙද්දි දැනෙන්නෙම සිත්තරෙකුගෙ චිත්‍රයක නිර්මාණයක්. ඒ වගේම තමයි. රාත්‍රි කාලයකට මුහුද ළඟට යන්න.

ඒ රෑ කාලෙට මුහුද ගුප්ත නැද්ද...? හරිම ගුප්තයි මොනතරම් රහස් මේ මුහුද හංගගෙන ඇතිද...?
ඇත්ත. කුසුම් කියන කතාව තුළ තියෙන්නෙ ගවේෂනාත්මක ඇත්තක්.
කී දෙනකුගෙ ප්‍රේමණීය රහස් මේ මුහුද හංගගෙන ඇතිද? කී දෙනකුගෙ විරහ ගීත, දුක් කඳුළුවල ලුණු රස, එදා මෙදා තුර මුහුද පතුල යට හංගාගත්තු ආදරණීය ජීවිත...
ඒත් කිසිවෙක් මුහුදට අකැමැති නෑ. තරහ නෑ. හැමදාමත් මුහුදට කියන්න බැරි තරම්ම මුහුදට ආදරෙයි.


කුසුම් වගේම...
'අක්කා, ඉස්සර මගේ ආත්තම්ම කියන දෙයක් තමයි ගෑනු වෙරළට ගියාම මූදෙ රළ ගැහිල්ලත් වැඩියි කියල රළ ගෙඩි හෝ ගාගෙන කඩාගෙන බිඳගෙන එනවලු. ඒ හින්දා අපි තනිවම වෙරළට යවන්නෙ නෑ.


නමුත් අද එහෙම නෙමේ. ෂූටින් ගියාම අපි ඕනතරම් කට්ට තනියම මූද ළඟ ඉන්නවා. ආත්තම්මා ඒ කාලෙ කියපු කතා ඇත්ත කියලත් එතකොට හිතෙනවා. නමුත්, ඒ හිතුවක්කාර අකීකරු මුහුදට මං මුහුද තරම්ම ආදරෙයි.
ජීවිතයට තුන් මංසලක් තියෙනව නං, එයින් එකක් තමයි ඔය මහ මුහුද.'


කුසුම්ගෙ ආත්තම්මා කියපු කතාව ඇත්තද කියල බලන්න කලාපුරයෙ ඉඳලා එද්දි මටත් හිතුණා දවසක මුහුදට යන්න. ඒත්, මම දැක්කාම වෙරළට එන රැළි ආපහු පෙරළි පෙරළී ක්‍ෂිතිජය දිහාට හැපි හැපීම දුවාවි කියන පරාජිත සිතිවිල්ල මට බැහැර කරන්නම බැහැ.
ස¼දා ලාලිත් රණසිංහ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week