තම පැරණි පෙම්වතියගේ නව පෙම්වතාගේ වම් කන සපා කෑ ඉන්දීය ජාතික තරුණයකුට නවසීලන්ත අධිකරණයක් වසර දෙකක සිර දඬුවමක් ලබා තිබේ.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ අනිෂ් රා ඕ නමැති 28 හැවිරිදි ඉන්දියානු තරුණයෙකුට ය. ඔහු විසින් සපා කා තිබුණේ රිටේෂ් රාම්ගේ වම් කන ය.
මේ දෙදෙනාම නවසීලන්තයේ වාසය කරමින් සිට ඇති අතර ඔක්ලන්ඕහි පදිංචිව සිටි රිටේෂ් ගේ නිවසට කඩාවැදුණු අනිෂ් විසින් රාම්ට පහර දී කන සපා කා තිබුණි.





