ලංකාවද ඇතුළු රටවල් 20ක් වීසා බලපත් නොමැතිව ගමන් කළ හැකි ලෝකයේ නරකම රටවල් ලැයිස්තුවට ඇතුළත් වී ඇතැයි බ්‍්‍රතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත වාර්තා කරයි.
ශ‍්‍රී ලංකාව මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ හෙන්ලි ඇන්ඞ් පාර්ට්නර්ස් නමැති ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක වාර්තාවලට අනුවය.
මෙම රටවල් විස්ස අතර ශ‍්‍රී ලංකාවට හිමි වී ඇත්තේ නව වැනි ස්ථානය වන අතර ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සෝමාලියාව, පාකිස්තානය, පලස්තීනය, එරිත‍්‍රියාව, නේපාලය, සුඩානය, ලෙබනනය, කොසෝවෝ, සිරියාව, දකුණු සුඩානය, ලිබියාව, කොංගෝව, ඉරානය, ජිබුටි, ඇන්ගෝලාව සහ උතුරු කොරියාව එම ලැයිස්තුවේ සෙසු රටවල් වෙයි.






