බොදු බල දේනා සංවිදානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දැඩි ලෙස අවවාද කබේ.
පසුගියදා කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට කඩා වැදී එහි සිටි පිරිසට බැණ තර්ජනය කළ බව කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙසේ අවවාද කර ඇත.
කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය උන් වහන්සේට පැවසුවේ සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට අයිතියක් ඇති බැවින් එ් නිසා ඔවුන්ට බැණ තර්ජනය කිරීමෙන් වළකින ලෙසයි.
ඥානසාර හිමියන් ප‍්‍රතිපාර්ශ්වයේ නීතිඥවරුන්ට බැණ තර්ජනය කළේ යැයි ලද චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය මෙසේ සඳහන් කලේය.






