ශ්‍රී ලංකාවේ උපත ලද මේවනවිට බොලිවුඩ්හි ජනප්‍රිය නිලියක් වන ජකල්යින් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේ අවන්හලක් විවෘත කිරීමට සූදානමින් පසුවන බව මෙයට පෙර අප විසින් වාර්තා කරන ලදී. එම අවන්හල එළඹෙන සතියේදී කොළඹ නගරය තුල විවෘත කරන බව ඇය ඉන්දියානු මාධ්‍යය වෙත පවසා තිබේ.
මෙම අවන්හල සඳහා නමක් සොයාගැනීම සඳහා ඇය බොහෝ වෙහෙස වී ඇති අතර අවසානයේ එයට "කෑම සූත්‍ර" ලෙස නම් තබා ඇත. අවන්හලේ නම "කාම සූත්‍ර" නොවන බවත් එය "කෑම සුත්‍ර බවත්" එහෙයින් කාමුක කිසිවක් අවන්හලේ නොමැති බවද ඇය ඉන්දියානු මාධ්‍යය වෙත පවසා තිබේ.
මේ දිනවල සල්මන් ඛාන් සමග රංගනයෙන් දායක වන "කික්" චිත්‍රපටයේ වැඩ කටයුතු අතර ලංකාවට පැමිණ මෙම අවන්හල විවෘත කිරීමට ජැක්ලින් සූදානම් වන බව වාර්තා වේ.





