පසුගිය සෙනසුරාදා දිනයේ වාරියපොල බස් නැවතුම් පොලේදී තරුණියගේ පහර දීමකට ලක් වූ සෙල්වා හෙවත් රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ආදල සිද්ධිය ගැන කටඋත්තරයක් ගැනීම සදහා ඔහු මෙසේ පොලීසියට ගෙන ගොස් ඇත.
30 හැවිරිදි සෙල්වා වෘත්තියෙන් පොල්කඩන්නෙකු වන අතර ඔහු සිව් හැවිරිදි දියණියකගේ පියෙකි.
‘වෙනද මාව පොලිසියට ගෙනියනකොට දාගෙන යන්නේ ජීප් එකේ පිටිපස්සේ ෂීට් එකේ හරි එතන බිම හරි. එත් අද මාව ජීප් එකේ මැද ෂීට් එකේ දාගෙන ගියා’ යයි සෙල්වා මාධ්‍යවේදීන්ට කීය.