සෞදි අරාබියේ සිට මැලේසියාව දක්වා පියාසර කරමින් පැවති ගුවන් යානයක සිටියදී රෝගී වූ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එමෙන් පසු මිය ගොස් තිබේ.
මැලේසියානු ජාතික පුවත් ඒජන්සිය (Bernama) පවසන්නේ, අදාළ සෞදි ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් පථය හරහා පියාසර කරමින් තිබියදී එම කාන්තාව හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළුණු බව ය.
ඒ අනුව, ගුවන් යානයේ සිටි වෛද්‍යවරයෙකු ප්‍රථමාධාර ලබා දී ඇත.
ගුවන් ගමන් සම්ප්රදාය අනුව පසුව එම ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබේ.
මැලේසියානු ජාතික පුවත් ඒජන්සිය සඳහන් කළේ, ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු රෝගී කාන්තාව පරීක්ෂා කළ ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්ඩායමක් ඇය මිය ගොස් ඇතැයි දැනුම් දුන් බව ය.
එසේ මියගොස් ඇත්තේ, 46 හැවිරිදි සලේහා සලේ නමැති සෞදි කාන්තාවකි