වටරැක විජිත හිමි අතුරුදන් වූයේ උන්වහන්සේගේම සැලසුමක් අනුව බව අප කල්තියාම සාක්ෂි ඇතුව හෙළිකරන ලදී. උන්වහන්සේ තමා විසින්ම පැහැරගැනීමෙන් අනතුරුව උන්වහන්සේ විසින්ම තම ලිංගයට හා හිසට නියපොතු කපනයක ඇති පිහිය මගින් තුවාල සිදුකරගෙන මෙම පැහැරගැනීම මවා පෑවේය. උන්වහන්සේ එම ස්ථානයට ගෙනවිත් දැමුවේ උන්වහන්සේගේ ඥාතියෙකු විසින් බව පොලිසිය හෙළිකරගෙන තිබේ. උන්වහන්සේ එම ස්ථානයේ සිට සොයාගන්නා විට මත්පැන් ගඳක් ද වහනය වෙමින් තිබී ඇත. මේ නාටකය අවසානයේ අප නැවතත් උන්වහන්සේගේ කට උත්තරය දෙස හැරී බැලුවහොත් අපට පෙනී යන්නේ මෙය සම්පුර්ණයෙන්ම බෞද්ධ සංවිධානයක් අමාරුවේ දැමීම උදෙසා සිදුකල රංගනයක් බවය. මුස්ලිම් ජාතිකයෙකු විසින් පදවාගෙන ආ වෑන් රියක් හේතුවෙන් එයට බිය නොමැතිව නැග්ග බවත් පසුව බලනවට වෑන් රථයේ පිටුපස භික්ෂුන් වහන්සේලා දෙනමක්ද සිටි බවත් එම දෙනාම විසින් තමාගේ මුහුණට යමක් අල්ල සිහිනැති කල බවද උන්වහන්සේ පොලිසිය හමුවේ පවසා තිබුණි. මේ සියලු කරුණු කාරනා හමුවේ අප සොයා බැලිය යුත්තේ සිවුරක් පොරවාගත් මෙවන් චීවරධාරියෙකු තමා ආගම ජාතිය පාවා දෙන්නේ හුදෙක් මුදල් වලටද නැතහොත් එයට එහා ගිය යම්කිසි දෙයක් නිසාවෙන්ද යන්නය. වටරැක විජිත හිමියන්ට දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඇති අතර උන්වහන්සේ මුල් කාලයේ ඉතා ශීලවත් එමෙන්ම ගමට වැඩක් කල හිමිනමක් ලෙස කටයුතුකොට තිබුණි. මේ සම්බන්ධව අදට වුනත් මහියංගනයේ ගම්වැසියන්ගෙන් අසා දැනගත හැක. පසුගියදා ය්න්වහන්සේගේ ආවාස කුටිය වටකළ ගම් වාසින් කෝපයෙන් විමසා සිටියේ අතීතයේ ගමට වැඩක් කල සිල්වත් භික්ෂුවක් වූ ඔබ වහන්සේට හිටිඅඩියේ කුමක් වූයේද යන්නයි. උන්වහන්සේට සමීප පිරිසක් විසින් අප වෙත හෙළිකොට සිටියේ වටරැක හිමිගේ වෙනස්වීමට හේතුව උන්වහන්සේ පැටලුණු "පැණි උගුලක්" (Honey Trap) බවයි. සංවිධානාත්මක කණ්ඩායමක් විසින් උන්වහන්සේ මෙම පැණි උගුලෙහි අටවා ඇතිඅතර එහි වීඩියෝ සාක්ෂි හේතුවෙන් උන්වහන්සේට අණ ලැබෙන කටයුතු සිවුරු දරා කිරීමට සිදුව තිබේ. පසුව එම කාර්යය සඳහා මුදල්ද ලැබෙන හෙයින් විජිත හිමියන් කැමැත්තෙන්ම උන්වහන්සේට ලැබුණු කොන්ත්රාත්තුව ඉටුකිරීමට පටන්ගෙන ඇත.