-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හම්බන්තොට වරායට පැමිණි නැව් සංඛ්‍යාවටත් වඩා වැඩියෙන් එහි රාජ්‍ය උත්සව පවත්වා ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

සිරිකොතෙදි ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

සන්ධාන ආණ්‌ඩුවේ පාලනය යටතේ අපේ රට තුළ සාමය, සහජීවනය බිඳ වැටී ජනතා අපේක්‍ෂාවන් අළු දූවිලි බවට පත් වෙමින් තිබෙනවා. 2009 මැයි මාසයේදී අපේ විරෝදාර රණවිරුවන් රටට අත්කර දුන් යුද ජයග්‍රහණයෙන් පසුව මුළු රටේම ජනතාව අපේක්‌ෂා කළ විශේෂ කාරණා කිහිපයක්‌ තිබෙනවා. එහි පළමුවැන්න සමගිය සහ සහජීවනයයි. අනෙක්‌ කාරණය සංවර්ධනයේ ප්‍රතිලාභයි. එම ජනතා අපේක්‍ෂා ඉටු කිරීමට නොහැකි බව මේ ආණ්‌ඩුව දිගින් දිගටම ඔප්පු කරමින් පවතිනවා.

එමෙන්ම හම්බන්තොට වරායේ උත්සව පැවැත්වීම සඳහා දිගින් දිගටම මුදල් කාබාසිනියා කරනවා. මේ විදිහට දිගින් දිගටම වරාය තුළ උත්සව පැවැත්වීම් වැඩි වුවහොත් එම උත්සව සංඛ්‍යාව වරායට පැමිණෙන නැව් සංඛ්‍යාවටත් වඩා වනවා. වැඩිම උත්සව පවත්වපු වරාය ලෙස ලෝක වාර්තාවක්‌ පිහිටුවීමට හම්බන්තොට වරායට හැකියාව ලැබෙනවා. රුපියල් කෝටි ගණනක්‌ වැය කොට වරායේ පතුල පෙන්වීමටත් තවත් වරක්‌ වතුර පුරවන හැටි පෙන්වීමටත් උත්සව පැවැත්වුවා. වරායට නැවක්‌ ඒම නිමිත්තෙන් මල් වෙඩි පත්තු කොට තවත් උත්සවයක්‌ද පැවැත්වූ අතර වෙළෙඳ දැන්වීම් ඇතුළු වියදම් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක්‌ මුදල් වෙන් කළා. එමෙන්ම නැව්වලට තෙල් පිරවීම වෙනුවෙන් තවත් විශාල උත්සවයක්‌ද වරායේදී පැවැත්වුවා. ඒ සඳහා රූපවාහිනි ගුවන් විදුලි පුවත්පත් ඇතුළු ප්‍රචාරක වැඩසටහන වෙනුවෙන් විශාල ලෙස මුදල් වැය කළ බව අපි කවුරුත් දන්නවා.

ආණ්‌ඩුව පවත්වන උත්සව දියාරු උත්සව බව විපක්‌ෂයේ අය මෙන්ම ආණ්‌ඩු පක්‌ෂයේ මැති ඇමැතිවරුන් පවා පිළිගන්වා. වරායේ ඉන්ධන නිකුත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට මැති ඇමැතිවරුන් සුළු සංඛ්‍යාවක්‌ සහභාගි වීමෙන් ඒ බව පැහැදිලියි. දේශපාලන ප්‍රතිරූප පිම්බීමටත් ගිලිහී යන මහජනගේ මතය ගොඩනගා ගැනීම සඳහාත් ජනතාව මුදල් කාබාසිනියා කරමින් පවත්වන උත්සව අද ජනතාවත් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුත් ප්‍රතික්‍ෂේප කරනවා.

දේශපාලන ප්‍රතිරූපය පිම්බීමට අත දිගහැර වියදම් කරන සන්ධාන ආණ්‌ඩුව රටේ ජනතාවට බලපාන ප්‍රධාන ප්‍රශ්න සඳහා මුදල් යෙදවීමට හැකියාවක්‌ නැති බව ප්‍රකාශ කරනවා. දේශපාලන ප්‍රතිරූප ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා ඉතිහාසයේ කුමන ආණ්‌ඩුවක්‌වත් මේ ආණ්‌ඩුව තරම් මුදල් යෙදවීමක්‌ සිදු කළේ නැහැ.

අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් මුදලක්‌ වෙන් කිරීමට ආණ්‌ඩුව නොහැකිවී තිබෙනවා. එමෙන්ම රෝහල් සඳහා ඖෂධ ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමට මුදල් යෙදවීමටත් ආණ්‌ඩුව අසමත් වෙලා. මෙලෙස දිගින් දිගටම පැවතුණොත් සන්ධාන ආණ්‌ඩුව ගිලෙන්න යන නිසා "එව බලව" යි කියන්නට ආණ්‌ඩුවට සිදු වෙනවා.

ආණ්‌ඩුව පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කරන්නේ වෙනත් ආණ්‌ඩුවකින් පනත් ඉදිරිපත් කරනු ලබන ආකාරයටයි. ආණ්‌ඩුවේ රෑ ඩැනියල් දවල් මිගෙල් ප්‍රතිපත්ති මුළු රටේම ජනතාවට අවබෝධවීමට පටන් ගෙන තිබෙනවා. ආණ්‌ඩුව තුළ තිබෙන පිපිරීම් සහ මැති ඇමැතිවරුන් තුළ තිබෙන කල කිරීම් දැන් දැන් එළිපිටම ප්‍රකාශ කිරීමටත් පෙළඹී සිටිනවා. ආශ්චර්ය පිළිබඳ කතා කරනවා වෙනුවට මල්ලවපොර කරුවන් මෙන් මැති ඇමැතිවරු එකිනෙකාට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. වර්තමාන කැබිනට්‌ රැස්‌වීම් ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ ජවනිකා තත්ත්වයට පත්වෙලා. ජනතා මුදලින් නඩත්තු වන ලෝකයේ ලොකුම කැබිනට්‌ මණ්‌ඩලය එකිනෙකාට ගහ බැණ ගන්නා ලෝකයේ එකම කැබිනට්‌ මණ්‌ඩලය බවටත් පත්වී තිබෙනවා. කැබිනට්‌ සාමූහිකත්වය දෙදරා ගොස්‌ තිබෙනවා.

මේ අතර ආණ්‌ඩුවේ විවිධ වරදාන වරප්‍රසාද භුක්‌ති විඳිමින් සමහර මැති ඇමැතිවරුන්ද සිදු කරන ප්‍රකාශ පිළිබඳවත් ජනතාවගේ අවධානය යොමු වෙලා. සමහර ඇමැතිවරු මේ වගේ ආණ්‌ඩුවක ඇමැතිවරයෙක්‌ වීම පිළිබඳව ලැඡ්ජා වන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබෙන අතර මේ ආණ්‌ඩුවෙන් සමහර දේවල් ඉටුකර ගැනීම බල්ලා නාවන්නට ගෙන යනවා මෙන් අපහසු බව ද ප්‍රකාශ කොට තිබෙනවා. ඒ අතර සිදු වන බොහෝ දේවල් තමන් නොදන්නා බව සමහර මැති ඇමැතිවරු පවසනවා. ජනතා මුදලින් නඩත්තු වෙමින් ආණ්‌ඩුවේ නිවාස, යාන, වාහන, මිල මුදල්, විදේශ සංචාර, ආදි සියලුම වරප්‍රසාද විඳිමින් සිටින ඇමැතිවරු තමන්ගේ ආණ්‌ඩුව පිළිබඳ එවැනි කතා පවසන අතර බුලත් කොළයට ඡන්දය ලබාදුන් ජනතාව පවසන්නේ කුමක්‌ ද යන්න අපට අනුමාන කළ හැකිය.

එම සියලු කාරණාවලින් පෙන්නුම් කරන්නේ සන්ධාන ආණ්‌ඩුවේ ගමනක අවසානය බව ඉතා පැහැදිලියි. සන්ධාන ආණ්‌ඩුවට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන්න පටන් ගෙන ඇති බව ජනතාව ප්‍රකාශ කරනවා. ජනතාව අපේක්‍ෂා කළ සහන සංවර්ධනයේ ප්‍රතිලාභ නීතියේ ආධිපත්‍ය සමග විනයක්‌ සහිත සමාජය ආදි කිසිවක්‌ ගොඩනැගීමට සන්ධාන ආණ්‌ඩුව අපොහොසත් වී ඇති බව සක්‌ සුදත් සේ පැහැදිලියි.

පළාත් සභා මැතිවරණ කඩින් කඩ පැවැත්වීමේ අවසාන සෙල්ලම ඌව පළාත් සභා මැතිවරණයයි. ඌව පළාත් සභා මැතිවරණය පවත්වන දිනය දැනුම් දීමෙන් පසුව ඒ සඳහා ප්‍රබල අපේක්‍ෂක කණ්‌ඩායමක්‌ ඉදිරිපත් කිරීම සඳහා මේ වන විටත් එක්‌සත් ජාතික පකAෂයේ දැවැන්ත සූදානමක්‌ තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos