-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුගත් හා දමයන්තිගේ එකම පුතු පවන්ය. ඔහුගේ වයස අවුරුදු 10කි. පෙර පාසල් අවදියේ සිටම ළමා පත්තර හා ළමා කතා කියවීම ඔහුගේ පුරුද්දකි. නිවෙසට ගන්නා අනෙකුත් පුවත්පත්ද ඔහු කියවයි. කෙටියෙන් කියතොත් නිවෙසට බඩු ඔතාගෙන එන පත්තර කෑලි පවා අකුරක් නෑර කියවීම ඔහුගේ විනෝදංශයකි. ඊට අමතරව පාසල් පුස්තකාලයේ ඔහු නොකිය වූ ළමා කතාන්දර පොතක් නැති තරම්ය.

මොහුගේ කියවීමේ පුරුද්ද මවුපිය දෙදෙනාගේ මෙන්ම පන්තිභාර ගුරු මහත්මියගේද ඇගැයීමට ලක්විය. සම වයසේ පසුවන අනෙකුත් දරුවන්ට වඩා දැනුමෙන් යුතු දරුවකු වශයෙන් ඔහු හැඳින්වීම නිවැරැදිය. පවන්ගේ පියා රජයේ සේවකයෙකි.

සෑම වැටුප් දිනකම තම සුරතල් පුතුට පලතුරු මල්ලක් ගෙන ඒම ඔහුගේ පුරුද්දකි. එදින රැකියාව සඳහා පිටත්ව යෑමට පෙර පුතුට හාදුවක් දී “අද පුතාට ඕනෑ පලතුරු මෙනවාදැ”යි අසද්දීම පුතා තම පොත්පත් තබා ඇති කාමරයට ඇතුළු වී කඩදාසි කැබැල්ලක පලතුරු කිහිපයක නම් ලියාගෙන විත් තාත්තා අතට දුන්නේය. තාත්තා එය නොබලාම කමිස සාක්කුවේ දමා ‘මට පරක්කු වුණා මම යනවා’ බිරියට ඇසෙන සේ කියමින් නිවෙසින් පිටත් විය. රැකියාව නිම වී නගරයට පැමිණි ඔහු පුතා ලියාදුන් පලතුරු වර්ග මොනවාදැයි විමසිලිමත්ව කියවා බැලුවේය. පුතාගේ පලතුරු ලැයිස්තුව මෙසේ විය.


අඹ ගෙඩි 02යි
පේර ගෙඩි 02යි 
‍ෙදාඩම් ගෙඩි 02 යි 
නාරන් ගෙඩි 02යි 
තහනම් ගෙඩි 02යි

අවසානයට ලියා ඇති පලතුරු වර්ගය දකිත්ම ඔහුට හීන්දාඩිය දැම්මේය. පුතා ලියා ඇති අනෙකුත් පලතුරු සියල්ල මිලදී ගත් ඔහු නිවෙසට පැමිණෙන බව දුටු පුතා දුවගෙන ගොස් ගෙනා පලතුරු බෑගය විවර කොට බලා “කෝ... තාත්තේ, තහනම් ගෙඩි. ඒවා හරි ගණන්ද? ඒකද ගෙනාවේ නැත්තේ...” යනුවෙන් ප්‍රශ්න වැලක්ම ඉදිරිපත් කළේය. තාත්තාද ඒවා ඇඟට නොගෙන “ආ... පුතේ 
ඒවා අවාරෙ. මේ දවස්වල කොහේවත් නෑ” යි කියමින් 
හෙමින් සීරුවේ ඇඟ බේරාගෙන පුතාගේ පලතුරු 
ලැයිස්තුව බිරියට දුන්නේය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos