ක්වාලා ලාම්පූර් සිට බීජිං බලා පියාසර කරමින් තිබූ මැලේසියාවට අයත් මගී ගුවන් යානයක් අතුරුදන් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යානය අතුරුදන් වන අවස්ථාවේ, එහි පුද්ගලයින් 239 දෙනෙකු සිට ඇති බව ය.
ළමුන් දෙදෙනෙකු ද ඇතුළුව මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු එහි සිට ඇත.
යානය අතුරුදන් වී ඇත්තේ, එය ගුවන්ගත කර පැය 2කට පමණ පසු ව ය.