ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී විරෝධතා ව්‍යාපාරයක් කි‍්‍රයාත්මක කිරීම සඳහා බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළු එරට දෙමළ ජනතාව සඳහා වූ සියලූ පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජිනීවා බලා පිටත්වීමට නියමිතව තිබේ.
එම මන්ත්‍රී කණ්ඩායමේ සභාපති, බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලී ස්කොට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දක්වා ඇත.
සැසිය අතරතුර ශ්‍රී ලංකාව පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස බලකරමින් එම කණ්ඩායමේ සහ දෙමළ සංසද සාමාජිකයන් එ්කාබද්ධව විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද නියමිත ය.
ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද කෙටුම්පතට බි්රතාන්ය, මොරිෂස්, මැසිඩෝනියා, මොන්ටිගේරෝ යන රටවල් සමඅනුග්රාහකත්වය දැක්වීය.