-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කරච්චිහි ගුවන්තොටුපළ ආරක්ෂක හමුදාවේ පුහුණු කඳවුරකට අද ප්‍රහාරය එල්ල වූ අතර ප්‍රහාරයෙන් සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
එහි පිහිටි ගුවන්තොටුපොළ ආරක්ෂක හමුදාවේ නවාතැන්පොළ ප්‍රහාරයේ ඉලක්කය වන්නට ඇති බවට විදෙස් වාර්තා පවසයි.
පකිස්ථාන වාර්තා අනාවරණ කරන්නේ ප්‍රහාරය සඳහා යතුරුපැදිවලින් පැමිණ ඇති සටන්කාමීන් වෙඩි ප්‍රහාර එල්ල කර පලාගොස් ඇති බව ය.
ප්‍රහාරය ත් සමග කරච්චි නුවර ජින්හා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් නවතා දැමුණු අතර පැය කිහිපයකට පසු යළි ගුවන් ගමන් ඇරඹූ බව එරට බලධාරීන් නිවේදනය කළේ ය.
සටන්කාමීන්ගේ ප්‍රහාරය ත් සමග ප්‍රදේශයේ ආරක්ෂාව තරකරමින් සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ ය.
ඊයේ අලුයම තලේබාන් සංවිධානය කරච්චි නුවර ජින්නාහ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පළමු ප්‍රහාරය එල්ල කළේ ය.
විදෙස් වාර්තා පැවසුවේ, ඉන් සටන්කාමීන් ඇතුළු 38 කට ආසන්න පිරිසක් මිය ගිය බව ය.
තලේබාන් සංවිධානයෙන් මෙලෙස ප්‍රහාර එල්ල වන අවස්ථාවක පාකිස්ථාන හමුදාව ද අද අලුයම පකිස්ථානයේ වයඹ දිග ප්‍ර‍දේශයේ කයිබර් පළාතට ගුවන් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඉන් 15කට අසාන්න සටන්කාමීන් පිරිසක් මිය ගොස් තිබේ.
මෙවැනි පසුබිමක තලේබාන් සංවිධානය ද අවධාරණය කළේ, බරපතළ ප්‍රහාර එල්ල කරන බව ය.
ඒ අනුව නවාෆ් ෂරීෆ් අගමැතිවරයාගේ රජයට තලේබාන් සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි පීඩනයක් එල්ල වේ.
තලේබාන් සංවිධානයෙන් දෙවැනි වරට ත් කරච්චි නුවරට ප්‍රහාර එල්ලවීම ත් සමග  අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් අවධාරණය කළේ, ඔවුන් පසුපස හඹා ගොස් ඝාතනය කරන බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos