ඉඳිආප්ප සකස් කිරීම සඳහා යොදාගනු ලබන කල්ඉකුත් වූ පිටි තොගයක් පාන් සකස් කිරීම සඳහා වෙළෙඳපොළට නිකුත් කිරීමට සුදානම්ව තිබියදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිටි කිලෝග‍්‍රෑම් 13000ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
කල් ඉකුත් වීමේ දින වෙනස් කළ පරිභෝජනයට නුසුදුසු මෙම ඉඳිආප්ප පිටි විකිණීමට සූදානම් කොට ඇත්තේ පාන් සකස් කිරීම සඳහායි.
(තිළිණි මධුවන්ති)