එංගලන්තයේ සමර්සෙට්හිදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට එරට අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
ගෝබිනාත් වෙල්ලසාමි නමැති 36 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට මෙම දඬුවම නියම වූයේ, පසුගිය වසරේදී මයුරදි පෙරින්පමූර්ති නමැති කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙනි.
අදාළ තීන්දුව අනුව අවම වශයෙන් ඔහු වසර 18ක් සිර දඬුවම් ලැබිය යුතු වේ.