-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කුකුළා සමග ගෙට ආ යාබද නිවසේ කිකිළියක්‌ තටු කපා තීන්ත ගා තමන් සතු කර ගැනීමට තැත් කළ පුද්ගලයකු වැල්ලව පොලිසියේදී වරද පිළිගත්තේය.

වැල්ලව පොලිස්‌ වසමේ උයන්ගල්ල ප්‍රදේශයේ කාන්තාවක්‌ ස්‌වයං රැකියාවක්‌ ලෙස කුකුළු පාලනය කළ අතර ඇගේ සුදු පැහැති කිකිළියක්‌ යාබද නිවසේ කුකුළකු සමඟ කූඩුවට ගොස්‌ ඇත.

කුකුළා සමඟ තමාගේ ගෙට ආ කිකිළිය ගැන ලොබ බැඳගත් අසල්වැසියා කිකිළිය අල්ලාගෙන තටු කපා සුදු පැහැය වෙනුවට කළු පැහැති තීන්ත ස්‌ප්‍රේකර තබාගෙන ඇත.

තමාගේ අතුරුදන් වූ කිකිළිය ගැන දින ගණනාවක්‌ සොයා බැලූ කාන්තාව කිකිළිය ගැන අමතක කර සිටින විට දින කිහිපයකට පසු අමුතු වර්ගයේ කිකිළියක්‌ කුකුළා සමඟ යනු දැක ඇත.

මේ ගැන විපරම් කිරීමේදී තමාගේ අතුරුදන් වූ කිකිළිය බව දැනගෙන ඒ ගැන අසල්වැසියාගෙන් විමසා ඇත. නමුත් ඔහු එය ප්‍රතික්‍ෂේප කර තමන් දුරකින් මිලදී ගත් කිකිළියක බව පවසා ඇති අතර දෙදෙනා අතර ආරවුලක්‌ ඇති වී වැල්ලව පොලිසියට පැමිණිලි කර ඇත.

පැමිණිල්ල මත කිකිළිය වැල්ලව පොලිසියට රැගෙන ආ අතර වැල්ලව පොලිසියේ ස්‌ථානාධිපති (පො.ප.) අනුර ගුණවර්ධන මහතා නිරීක්‍ෂණය කිරීමේදී කාන්තාව සතු කිකිළිය මෙසේ කළු තීන්ත ස්‌ප්‍රේ කර ඇති බව අනාවරණය විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos