-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ෆේස්‌ බුක්‌ නිසා දරුවෙක්‌ නැතිවුණා කියලා අද ලෝකේ කිසිම ජගතකුට ෆේස්‌ බුක්‌ නතර කරන්න බැහැ. එය රජයකටවත් තහනම් කරන්න හැකියාවක්‌ නැහැ. ෆේස්‌ බුක්‌ නිසා හැමදාම ළමයාට වරදින්නේ නෑ. සංස්‌කෘතිය ගෙනාපු ලැඡ්ජාවයි දැරිවිය සිය දිවි හානිකර ගත්තේ. ගුරුවරු වේවා තේරුම් ගත යුතුයි. අද ළමයි හදන්න නෙමේ ළමයි හැදෙන හැටි බලන් ඉන්න අවශ්‍යයි. හදන්න වුවමනා වැඩිහිටියෝයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මාධ්‍යවේදීන් අමතා කුරුණෑගල බ්ලූ ස්‌කයි හෝටල් ශ්‍රවණාගාරයේදී එසේ පැවසීය.

2014 දැයට කිරුළ ප්‍රදර්ශනයට පෙරගාමී වූ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන පිළිබඳව මාධ්‍යවේදීන් අමතා දේශනයක්‌ කළ මහාචාර්යවරයා මෙසේ ද කීය. අද ලෝකේ සියලු මාධ්‍ය බියකරු ලෙස ගලාගෙන ඇවිත්. නමුත් ළමයා සමනලයෙක්‌ වගේ, වැඩිහිටියන්ගේ ඇස්‌ ටෙලිනාට්‍යයට ගිහිල්ලා. රසාස්‌වාදය දැනෙන පිරිසක්‌ නෑ. නැලවිලි ගී කියන්න දන්න අම්මලා නෑ. ආගම ජීවිතය තුළ නෑ. අද අපිට වැඩිය සදාචාරයක්‌ යුරෝපයේ තියෙනවා. මිනිස්‌සුන්ගේ සිරුරු දුර්වලයි. මනස දුබලයි. කුලප්පු වුණු ස්‌වභාවයක්‌ තියෙන්නේ. එදා වගේ මහගමසේකරයන් අමරදේවයන් හදපු ගීත අද නෑ. අද මාධ්‍ය තියෙන්නේත් සංතුෂ්ටිය සඳහායි. අද දේශපාලකයන්ට ඕනෑ විදිහටයි ප්‍රවෘත්ති හදන්නෙත්. තොරතුරු කියන්නෙත්. එදා මුර බල්ලා කියලා හඳුන්වපු මාධ්‍ය අද සමාජය හපා කන බල්ලෙක්‌ බවට පත්වෙලා.

මෙම අවස්‌ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ වසන්තප්‍රිය රාමනායක හා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ලේකම් එච්. එන්. බී. හිටිසේකර යන මහත්වරු ඇතුළු ප්‍රභූන් කීපදෙනෙක්‌ සභාව ඇමතූහ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos