-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි තමන්ට මෙන්ම සමාජයට  හිතකර ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිඹදව  ගුරු දෙගුරුන් හා ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ පුලුල් වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අපේක්‍ෂා කරයි.
විවිධ පාර්ශවයන්ගෙන්  කෙරෙන ඉල්ලීම වලට අනුව සුපුරුදු පරිදි මෙම දැනුවත් කිරීම් සිදු කර ගෙන යන බවත් විශේෂයෙන්ම මෙම දිනවල සමාජජාල  වෙබ් අඩවි පිලිබදව සමාජයේ වැඩි අවධානය යොමු වීම නිසා  මෙම පියවර ගත් බව සංසදය පවසනයි.
නීති සහ තහංචි පැනවීමකට වඩා ස්වයං හික්මිමකින් මෙන්ම වගකීමකින් යුතුව අන්තර්ජාලය සහ සමාජජාල වෙබ් අඩවි භාවිත කරන්නේනම් ඒ ආශිතව සිදුවන ඇතැම් අවාසනාවන්ත සිදුවීම් වලක්වා ගත හැකි වන බව ද සංසදය පවසනයි.
සමාජජාල වෙබ් අඩවියකට තම තොරතුරු සහ ජායරූප එක්කිරීමේදී තමන් අභිමත අයට පමණක් ඒ වෙත ප්‍රවේශ වීමට හැකි ආකාරයෙන් කටයුතු කිරීමෙන් බෝහෝ විට අනවශ්‍ය ගැටලු මතුවීම වලක්වා ගත හැකි වන බවද සංසදය සදහන් කරයි.
තම සමාජ ජාල ගිණුම සදහා සරල මුර පදයක් වෙනුවට පහසුවෙන් පිවිසිය නොහැකි  මුර පදයක් යොදා ගැනීමත් වඩා යෝග්‍ය වේ.කිසියම් කෙනෙකු වංචනිකව තම සමාජජාල ගිණුම සදහා පිවිසීම වැළැක්වීමට තම ජංගම දුරකතන අංකය පවා යොදා ගත හැකි බවද එසේ වංචනිකයකු උත්සහ කරන්නේනම් ඒ බව ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් දැනුම්වත් කෙරෙන බවද සංසදය පවසයි.  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ.
- ICTA

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos