ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මහේල ජයවර්ධන සිය 37 වැනි උපන්දිනය ඊයේ (27) දිනයේ සමරනු ලැබීය. උපන්දිනය දා මහේල ජයවර්ධන ඔහුගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩා සමාජය වන "මෑන් යුනයිටඩ්" හි ගත කල අතර එහිදී ඔහු එම ක්‍රීඩාංගනයේ පාපන්දු ක්‍රීඩාවේද නිරත වී තිබුණි.
මහේලගේ බිරිඳ වන ක්‍රිස්ටිනා විසින් මහේලව පුදුම වන ආකරේ උපන්දින ත්‍යාගයක් ලෙස ලබාදී ඇත්තේ මහේලගේ ප්‍රියතම මෑන් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ සුපිරි පාපන්දු ක්‍රීඩක රයන් ගිග්ස්ගේ අත්සනින් යුත් ටි ෂර්ටයකි.