බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පරිපාලනයට එරෙහිව වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය විසින් පවරා ඇති මිලියන 500 වන්දි නඩුවේ සාක්කි සටහන් නිවැරැදි කිරීම සඳහා නඩු විභාගය අප්‍රේල් 01 වැනිදා දක්වා කල් තැබිමට කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය 06 වැනිදා නියෝග කළාය.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පියස්සක් හිස මත කඩා වැටීමෙන් ඉන ප්‍රදේශයෙන් පහළ කොටස අප්‍රාණික වී රෝද පිටුවට සින්න වූ කොළඹ මහ රෝහලේ වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය විසින් එහි පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඇයගේ ජීවිතයට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි 50ක් අයකර දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටී.
මෙම නඩු විභාගය අවසන් වී ඇති අතර නඩුවේ සාක්කි සටහන් නිවැරැදි කිරීම සිදුවෙමින් පවති.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා හා විත්තිය වෙනුවෙන් නීතිඥ එන්.ආර්. සිවේන්ද්‍රන් මහතා පෙනී සිටිති.

නිශානි ලසිතා බන්නැහැක