-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට පෞද්ගලික බස් රථ සේවාව තුළින් දිනකට රුපියල් මිලියන විස්සක (කෝටි දෙකක) මුදලක් මාටියා ගැසීම නිරන්තරයෙන්ම සිදුවන බව වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති නයනජිත් උපේන්ද්‍ර මහතා පවසයි.
මෙම අයථා කාර්යය නිසාම බස් ව්‍යාපාරිකයා මෙන්ම මගී ජනතාවද දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්වන බවද ඒ මහතා සඳහන් කරයි.
වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මෙහෙයවීමෙන් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය.
ඒ මහතා මෙසේද කීය.
පෞද්ගලික බස් රථ සේවාව පිරිහීමට මෙයද එක් හේතුවක්. බස් රථ හිමිකරුවනට ව්‍යාපාරික දැනුම නොමැතිවීම සේවය නියමිත පරිදි පවත්වාගෙන යාමට ඇතිවන තවත් බාධාවක් නියමිත වේලාවට ගමන් වාර පවත්වාගෙන යාම මෙහිදී අත්‍යවශ්‍යයි.
සේවයෙහි ගුණාත්මකභාවය පිරිහුන හොත් මහජනතාව බස් රථවලට ගොඩවීමද ප්‍රතික්‍ෂේප කළ හැකියි. මෙය ආර්ථිකමත් අවශ්‍යතාවය මත කළ යුතු දෙයක්. ඒ නිසා එය හරියටම කළ යුතුයි. පසුගිය කාලය තුළ ටිකට් මැෂින් දී කළේද මහා විනාශයක්.
එදා නයි මුගටි සටනක් වශයෙන් පැවැති ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් සේවාව අද සුහදව පවත්වාගෙන යනු ලබන්නේ වයඹ පළාතේ පමණයි. ඒ නිසා දෙගොල්ලන්ම එකතු වී ප්‍රවාහන සේවාව කරගෙන යා යුතුයි.
පෞද්ගලික බස් රථ රියැදුරු හා කොන්දොස්තරවරුන් සඳහා නිල ඇඳුමක් නියම කර ඇති අතර පරීක්ෂාවේදී එය නොතිබුණහොත් රුපියල් 500ක දඩයක් නියම කරන බවත් මෙයින් ඉදිරියට කොන්දොස්තර තනතුරට යොදවා ගනු ලබන්නේ අ.‍පො.ස. සාමාන්‍ය පෙළ දක්වා හෝ ඉගෙනගෙන ඇති අය පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජේ.එම්. මහරූෆ් - කුරුණෑගල

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos