වයිනේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලද තිළිණි සාමාන්‍ය පෙළ විභාගය සමත් වූයේ දිස්ත්‍රික්කයේ ඉහළ ස්ථානයක් හිමිකර ගනිමිනි. ඇය පාසලේ ගුරුවරුන් අතරේද හොඳ නමක් දිනාගත් ජනප්‍රිය සිසුවියක වූවාය. මව්පියෝද ඉහළ රැකියාවල නිරත වූවෝ වෙති.
දෙමාපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේද කැමැත්ත වූයේ තිළිණි අනාගතයේ වෛද්‍යවරියක වනු දැකීමය. තිළිණිගේද ඊට ඇල්මක් තිබූ නිසා ඇය උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශය තෝරා ගත්තාය.
උසස් පෙළ පළමු වසර අවසන් වී දෙවන වසරට ද එළඹිණි. ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනය කටයුතු කරමින් සිටි තිළිණිගේ දකුණු අතේ ඇඟිලිවල හිටි හැටියේ අප්‍රාණික ගතියක් ඇති වූ අතර ඇයට පෑන අල්ලා ලිවීම පවා අපහසු විණි. මුලින් අමාරුවෙන් පෑන අල්ලා ලිව්වද පසුව එය එන්න එන්නම වැඩිවූ නිසා මෙය කුමක් හෝ ස්නායු ආබාධයක් විය හැකි බව කල්පනා කළ ඇගේ මව්පියෝ ඇය ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු වෙත එක්කරගෙන ගියහ. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඖෂධ ප්‍රතිකාර නියම කර තිබිණි. නමුත් ඒ ඖෂධවලින් තිළිණිගේ රෝගය කිසිදු ආකාරයකින් සුවපත් වීමක් තබා මඳකින් වත් අඩු වූයේ වත් නැත. දැන් තිළිණිගේ දකුණු අතේ ඇඟිලිවලින් ආරම්භ වූ අප්‍රාණිකත්වය ඒ අත දිගේ ටිකෙන් ටික ඉහළට ගමන් කර ඇත. ඉන්පසු සී.ටී. ස්කෑන් පරික්ෂණයක් කිරීමට වෛද්‍යවරයා නියම කළේය. එහි වාර්තාවෙන්ද තිළිණිට රෝගයක් ඇති බව සනාථ වී නොමැත.
වෛද්‍යවරුන්ගේ ඊළඟ පියවර වූයේ තිළිණි එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමයි. එයින් ද තිළිණිගේ රෝගයට සම්බන්ධ කායික හේතුවක් අනාවරණය වූයේ නැත. කිසිදු පරීක්ෂණයකට හසු නොවී දිගින් දිගටම තව තවත් වර්ධනය වෙමින් පවතින මේ රෝගයට පිළියම් ලෙස ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා පළමු ඖෂධ සියල්ල නවත්වා එය වෙනත් ඖෂධවලට මාරු කළේය.
එම බෙහෙත්ද අඩුවක් නැතිව තිළිණිට ලබා දුන්නත් එයිනුත් ඇගේ රෝගයට කිසිදු බලපෑමක් ඇති නොවිණි. තිළිණිගේ පන්ති භාර ගුරුවරියගේද අදහස වුණේ තිළිණි ඉතා දක්ෂ නිසා ඇයට ඇස්වහ කටවහ දෝෂ තිබෙන බවයි. ඉන්පසු එයට පිළියම් ලෙස කට්ටඩියකු ලවා මතුරා දෙහි කැපීමක්ද සිදු කිරීමට දෙමාපියෝ පියවර ගත්හ. නමුත් එයිනුත් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුණේ නැත. අවසානයේ තිළිණිගේ මව සාස්තරයක් අසන්නට පවා පෙළඹී තිබුණේ තම දියණිය පිළිබඳ විශාල බියක් ඇය තුළ පැවති බැවිනි. ඇය පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් සිටින පිරිසක් ඇයට කොඩිවිනයක් කර ඇති බව සාස්තරකාරිය පරල වී කියා සිටියාය. ඉන්පසු ඇගේ උපදෙස් මත තිළිණි වෙනුවෙන් තොවිලයක්ද සිදු කෙරිණි. මෙයින්වත් තිළිණි සම්පූර්ණයෙන් සුවපත් වේවි යැයි අපමණ බලාපොරොත්තු තබා සිටියත් එයද ගඟට ඉනි කැපුවාක් මෙන් විය.
දැන් තිළිණිගේ පාසල් ගමනත් අඩාල වී තිබේ. පාසලට ගියත් ඇයට පෑනක් පැන්සලක් අතට ගන්නටවත් බැරිය. තිළිණි සිටින්නෙ විශාල බියකිනි. උසස් පෙළ විභාගයට තව ඇත්තේ මාස හත අටක කාලයක් පමණක් බැවින් ඇය වඩාත්ම තැති ගත්තාය.
තිළිණිට කිසිදු කායික රෝගයක් නැති බව පරීක්ෂණ හා ප්‍රතිකාර මගින් තහවුරු වූ පසු ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා තිළිණිව මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කළේය.
එම වෛද්‍යවරයාගේ මූලික අවධානය යොමු වුණේ තිළිණිගේ මනසට දැඩිව බලපාන ඇගේ දෙමාපියන්ගේ හෝ පවුලේ වෙනත් ගැටලුවක් තිබේද යන්නය. නමුත් එබඳු සැලකිය යුතු දෙයක් එම පවුල තුළ පැවතියේ නැත. ඇගේ මව්පියන් දෙදෙනාම පිළිගත් රැකියාවන්හි නියුතු මුදල් හදල් ඇති අයයි. ඔවුන් බොහෝ සමගියෙන් ජීවත් වූ අතර එම පවුලේ එකම දරුවා ලෙස තිළිණි ඔවුන් දෙදෙනාගේ දැඩි ආදරයටද ලක්වී සිටියාය.
ඉන්පසු ඇයට වෙනත් මානසික ගැටලුවක් තිබේද යන්න ගැන මනෝ වෛද්‍යවරයා විමසිලිමත් විය. ඒ සඳහා තිළිණිව තනිව ගෙන සෑහෙන වෙලාවක් කතා බහ කළේය. තිළිණිගේ ගැටලුව අවබෝධ කරගත හැකි වූයේ ඒ අනුවය.
තිළිණි සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත් වී උසස් පෙළ අධ්‍යාපනය ද ඉතා සාර්ථකව කරගෙන යමින් සිටි නිසා ඇගේ ගුරුවරුන්ගේ මෙන්ම විදුහල්පතිවරයාගේද ඇය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තිබිණි. ඔවුන් තිළිණිට නිතර නිතර උපදෙස් දුන්නේ දිස්ත්‍රික්කයෙන්ම පළවෙනියා වී උසස් පෙළ සමත්වන ලෙසය. දෙමාපියන් ඇයට එවැනි බල කිරීමක් නොකළත් ඇය ඉතා හොඳින් උසස් පෙළ සමත් වී වෛද්‍ය පීඨයට තේරේවි යන අපේක්ෂාව දැඩිව ඔවුන් තුළ තිබිණි.
විදුහල්පතිවරයා සහ ගුරුවරුන් තමන් පිළිබඳව මෙවැනි දැඩි බලාපොරොත්තු තබා ගැනීම තිළිණිට මහත් පීඩනයක් විය. විභාගය සමත් වීමට හැකි බවට විශ්වාසයක් තිබුණත් දිස්ත්‍රික්කයෙන්ම පළවෙනියා වීම ගැන ඇයට තිබුණේ දෙගිඩියාවකි. යම් හෙයකින් ඒ බලාපොරොත්තුව ඉටු කරන්නට නොහැකි වුවහොත් ගුරුවරුන්ට විදුහල්පතිවරයාට මුහුණ දෙන්නේ කෙසේදැයි ඇය කල්පනා කරන්නට වූවාය.
මේ පීඩනය බලවත් වූ පසු එය පිටතට පැමිණියේ මුලින්ම දකුණු අතේ ඇඟිලි පණ නැති වීමක් ලෙසිනි. නමුත් ඒ පිළිබඳව තිළිණිට වැටහීමක් නැත. ඇයට හැඟුණු එකම දෙය වූයේ තමාගේ දකුණු අතේ ඇඟිලි අප්‍රාණික වීම නිසා කිසිවක් ලියන්නට නොහැකි බවයි. එවැනි තත්ත්වයක් ඇතිවූ විට ඇයට විභාගයට මුහුණ දෙන්නට නොහැකි වෙයි. විභාගයට මුහුණ නොදී සිටියොත් දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වීම ගුරුවරුන් ඇගෙන් අපේක්ෂා කරන්නේ නැත. ඇගේ සිත තුළ පැවති දැඩි පීඩනයෙන් ඇගේ යටිසිත ඇයව මුදවා ගන්නේ එලෙසිනි.
තිළිණිට වැළඳී තිබුණේ විඝටනාබාධය නමින් හඳුන්වන මානසික ආබාධයයි. මේ සම්බන්ධයෙන් දෙමාපියන්ට සේම ඇගේ පන්ති භාර ගුරුවරියටද ගෙන්වා කරුණු පැහැදිලි කර දෙන්නට මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයාට සිදුවිය. අවසානයේ තිළිණිට ඒ පීඩනයෙන් මිදෙන්නට හැකිවූ අතර අතේ අප්‍රාණික බවද ඉබේම සුව විණි. තිළිණිට එවර උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වෙන්නට හැකියාව ලැබුණද දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වීමට නොහැකි විය. නමුත් පළමු වතාවෙන්ම විභාගය සමත් වී ඇය වෛද්‍ය පීඨය සඳහා සුදුසුකම් ලැබුවාය.
ඉන්දු පෙරේරා