-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රුපියල් ලක්‍ෂ 130 කට අධික වටිනාකමකින් යුත් භාවිතයට නුසුදුසු කල්ඉකුත් වූ හිසකෙස්‌ වර්ණක පැකට්‌ ලක්‍ෂයක්‌ ඇතුළු රූපලාවන්‍ය ආලේපන තොගයක්‌ කොළඹ ග්‍රෑන්ඩ්ස්‌පාස්‌ ප්‍රදේශයේ ගබඩාවක තිබී ඊයේ (01 වැනිදා) පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇත.

මෙම හිසකෙස්‌ වර්ණක මෙරට අලෙවි වන ප්‍රධාන පෙළේ සන්නාම නාමයක්‌ යටතේ ව්‍යාජ ලෙස මුද්‍රණය කොට වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

මෙහිදී හිසකෙස්‌ වර්ණක පැකට්‌ තොගය සමග කල් ඉකුත් වූ තොල් ආලේපන 15000 ක්‌, ක්‍රීම් වර්ග 1000 ක්‌, ශරීර ආලේපන, ක්‌ලෝන් හා සුවඳ විලවුන් 1500 ක්‌ ද පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.

මෙසේ සොයාගනු ලැබූ කල් ඉකුත් වූ හිසකෙස්‌ වර්ණක ඇතුළු ආලේපන මිනිස්‌ භාවිතයට යොදා ගත්තේ නම් නොයෙක්‌ අසාත්මිකතා සහ ශරීරයට හානිකර තත්ත්වයන් උදාවීමට ඉඩ තිබූ බවද පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි.

කොළඹ උතුර විශේෂ පොලිස්‌ කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පාරිභෝගික අධිකාරියේ වැටලීම් භාර නිලධාරී ඒ. ඒ. ජසූර් මහතා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week