එළඹෙන උත්සව සමය නිමිත්තෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවාව අද(08) දිනයේ සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
කොළඹ මධ්‍යම බස්නැවතුම්පලේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විශේෂ බස් රථ සේවාව ආරම්භ කරන බව එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙම බස් රථ සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා විශේෂ නිලධාරීන් යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දක්වා බස් රථ ධාවනය ද අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒකාබද්ධව මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර උත්සව සමය නිමිත්තෙන් ලංකා ගමනාගමන මණ්ඩලය ද විශේෂ බස් රථ සේවාවවක් ක්‍රියාත්මක කර තිබේ.