-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමරිකානු බැංකු කිහිපයක් විසින් සිය මුස්ලිම් පාරිභෝගිකයන් ප‍්‍රමාණයකගේ ගිණුම් කිසිදු පැහැදිලිකිරීමකින් තොරව වසා දමා ඇතැයි වාර්තා වේ.
මෙම පුද්ගලයන් පවසා ඇත්තේ තම ගිණුම් අත්හිටුවා ඇති බව සඳහන් පණිවුඩයක් ඔවුන් වෙත ලැබුණු බවයි.
ව්‍යාපාර හිමියන්, ලාභ උපයන්නේ නැති පුද්ගලයන් මෙන්ම ශිෂ්‍යයන්ද මේ අතර වන බව පැවසේ.
ඇමරිකානු-ඉස්ලාමික සබඳතා පිළිබඳ කවුන්සිලය පවසා ඇත්තේ මෙය වර්ගවාදී ප‍්‍රතිපත්ති මත සිදුකළ ක‍්‍රියාවක් බවයි.
ඒ පිළිබඳව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව වෙතද ඔවුන් විසින් පැමිණිලි කර තිබේ.
මේ පිළිබඳ අධිකරණ දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකාවක් පවසා ඇත්තේ මෙය පාරිභෝගික මූල්‍ය ආරක්ෂණ කාර්යාංශයට අදාළ බැංකු නියාමකයන් පිළිබඳ ගැටළුවක් බවයි.
එම කාර්යාංශය පාරිභෝගික මූල්‍ය වෙළඳපොළේ ඇති  ඕනෑම අසමානතාවයක් මැඬලීමට ක‍්‍රියාත්මක වනු ඇති බවත් ණය සඳහා සියලූ පාරිභෝගිකයන්ට සමාන අවස්ථා සැලසීම එහි ප‍්‍රතිපත්තිය බවත් ඇය පවසා තිබේ.
මෙම සිදුවීම පිළිබඳ එය විසින් පරීක්ෂණයක් සිදුකෙරෙමින් ඇතිදැයි තහවුරු කිරීමට අධිකරණ දෙපාර්තමේන්තුවට නොහැකි බවද ඇය පවසා ඇත.
මේ අතර ඇමරිකානු ඉස්ලාමික සබඳතා පිළිබඳ කවුන්සිලයේ මිචිගන් ශාඛාව අදාළ බැංකු වලට එරෙහි අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙමින් සිටී.
අත්හිටවූ මෙම ගිණුම් සියල්ලම කුවේට් හා සිරියාව සමග සබඳතා ඇති පුද්ගලයන්ගේ වීම විශේෂත්වයකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos