-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මොනරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයක් දක්නට නැති බව ඌව පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක ශෂින්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘නැහැ, මං පිළිගන්නේ නැහැ ඒක. එහෙම ප්‍රචණ්ඩත්වය තියෙනවනම් පොලිසියට පැමිණිලි ලැබෙන්න ඕනෙ. මැතිවරණ කොමසාරිස්වරයාගේ කණ්ඩායමක් විසින් අනවසරයෙන් දාපු කාර්යාල ඉවත් කිරීමකුත් සිදු වෙනවා. ඒවත් වැටෙන්නේ අපි කැඩුව ගානට. මේවත් මැතිවරණ ක්‍රියා හැටියට හුවා දක්වන්න පුළුවන්.’ශෂින්ද්‍ර රාජපක්ෂ පැවසීය.
ඌව පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය තුළ පාතාල කණ්ඩායම් ක්‍රියාත්මක වන බවට පවතින චෝදනාද ප්‍රතික්ෂේප කරන ශෂින්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ මොනරාගල පාතාල සාමාජිකයන් නොමැති නමුත් හම්බන්තොට, කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවලින් තමනට උදව් කිරීම සඳහා පිරිස් පැමිණ ඇති බවයි.
ඌව පළාතේ අංක තහඩු නොමැති ඩිෆෙන්ඩර් රථ සැරිසරන බව ‘කැෆේ’ මැතිවරණ නිරීක්ෂකයන් ඊයේත් පෙන්වා දී තිබුණු අතර එම චෝදනාවත් මහ ඇමති අපේක්‍ෂක ප්‍රතික්ෂේප කළේය.
‘ඩිෆෙන්ඩර් කියල කියන්නේ ආයුධයක් නෙවෙයි. රෝද හතර කැරකෙන වාහනයක්. මං දන්නේ නැහැ මේ ඩිෆෙන්ඩර්වලට මෙච්චර බය ඇයි කියල. නොම්මර නැති වාහන කිසිවක් මේ පළාතේ ගමන් කරන්නේ නැහැ. හැබැයි මේ පළාත හරහා ඒ වාහන පාවිච්චි කරන අය වෙන ගමන් ගියොත් මට ඒකට වගකියන්න බැහැ.’ ශෂින්ද්‍ර රාජපක්ෂ පැවසීය.
කිසිවෙකුට මඩ ගැසීමට නොහැකි බැවින් හරින් ප්‍රනාන්දු සමග විවාදයකට යාමටද තමා අකමැති බව ඔහු කියා සිටියේය.
BBC

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos